බංග්ලාදේශ පිතිකරුවන් ප්‍රබල තත්ත්වයක

0
565

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අවසානයේදී බංග්ලාදේශය ප්‍රබල ස්ථානයක පසුවිය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු කඩුලු දැවී ලකුණු 397ක් රැස් කළ අතර බංග්ලාදේශය මේ වන විට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 318ක් රැස් කර සිටියේ ය.

බංග්ලාදේශ ආරම්භක පිතිකරු ලකුණු 133ක් ලබා සිටියදී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වූ අතර මහ්මුදුල් හසන් ජෝයි ලකුණු 58ක් රැස් කළේ ය.‍‍

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි මුෂ්ෆිකර් රහීම් ලකුණු 53ක් සහ ලිටන් දාස් ලකුණු 54ක් රැස් කර සිටියහ.

පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 2ක් බිඳ හෙළීය.