BREAKING NEWS: CID වැඩ අරඹයි: පොහොට්ටු මන්ත්‍රී සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක අත්අඩංගුවට

0
245

මැයි 9 වන ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

mawbima.lk කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා මේ බව තහවුරු කළේ ය.

ඒ අනුව, ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසීය.

එමෙන් ම, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් තහවුරු කළේ ය.