“ඉන්ධන පෝලිම්වල ඉන්න එපා” – බලශක්ති ඇමති

0
286

පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම් අවසන් වන තුරු ඉදිරි දින තුන තුළ පෝලිම්වල රැඳී නොසිටින ලෙස විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසකර මහතා මහ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

ඊයේ (මැයි 15) ලැබුණු ඩීසල් තොගය සහ ඉන්දීය ණය ආධාර යටතේ ඉදිරි සති 2 තුළ ඉන්ධන රැගත් නෞකා තුනක් දිවයිනට ළාඟා වීමට නියමිත බව ද එහි දැක් වේ.

කංචන විජේසකර මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරට ත් දැක් වෙන්නේ, එමගින් මහ ජනතාවට ප්‍රමාණව ත් ඉන්ධන ලබා ගැනීමට හැකි වනු ඇති බව ය.