BREAKING NEWS: ඇඳිරි නීතිය බලපැවැත්වෙන වෙලාවේ වෙනසක්

0
551

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාවේ වෙනසක් සිදු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව, අද (මැයි 16) රාත්‍රී 11.00 සිට දිවයින පුරා ඇඳිරි නීතිය පැනවෙන අතර හෙට (මැයි 17) උදෑසන 5.00ට එය ඉවත් කිරීමට නියමිත ය.

ජනාධිපති මාධ්‍ය අංශය මීට පෙර නිවේදනය කළේ, අද රාත්‍රී 8.00 සිට ඇඳිරි නීතිය පනවනු ලබන බව ය.

බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැතැයි එම අංශය වැඩිදුරට ත් සඳහන් කළේ ය.