අද ත් තද වැසි

0
477

දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ත්) දැනට පවතින වැසි තත්ත්වය තවදුරට ත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

උතුරු පළාතේත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ත් වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌවසහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ත් උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වල ත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ත් විටින් විට හමන තද සුළං පැ.කි.මී. (40-50) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරට ත් පැවසීය.