මැයි 9 වන දා අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ‘මයිනාගෝගම’ විරෝධතාකරුවන්ට පහර දුන් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, අද (මැයි 15) උදෑසන මොරටුව, මොරටුවැල්ල ප්‍රදේශයේදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව ය.
මොරටුව නගර සභාවේ සේවකයෙකු වන 49 හැවිරිදි ඔහු මැයි 9 වන දා අරලියගහ මන්දිරය ඉදිරිපිට සිටි විරෝධතාකරුවන්ට පහරදුන් බවට අනාවරණය වී ඇති බව ඔහු පැවසීය.
සැකකරු අද (මැයි 15) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරයි.