ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩෲ සයිමන්ඩ්ස් ජීවිතක්ෂයට (VIDEO)

0
815

ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක මෙන් ම ලෝක කුසලාන දෙවතාවක් ජයග්‍රහණය ඇන්ඩෲ සයිමන්ඩ්ස් (Andrew Symonds) රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ (මැයි 14) රාත්‍රි 11ට පසු ක්වීන්ස්ලන්ඩ්හි හර්වි රේන්ජ් පාරේ, ඇලිස් රිවර් පාලම අසලින් ධාවනය කරමින් සිටියදී සිය මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළී සිදුවූ රිය අනතුරකින් ඔහු ජීවිතක්ෂයට පත්වී ඇති බව ය.

අනතුර සිදුවන අවස්ථාවේ එම රථයේ ගමන් කර ඇත්තේ ඔහු පමණක් බව එරට පොලිසිය සඳහන් කර තිබේ.

මිය යන විට ඔහු 46 වන වියේ පසු විය.

තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන සයිමන්ඩ්ස් 1998 සහ 2009 කාලය තුළ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 26ක්, එක්දින හා ජාත්‍යන්තර තරග 198ක් මෙන් ම විස්සයි20 තරග 14ක් ක්‍රීඩා කර තිබිණි.

එමෙන් ම ප්‍රබල පිතිකරුවෙකු, දක්ෂ පන්දු යවන්නෙකු සහ පන්දු රකින්නෙකු වන සයිමන්ඩ්ස් 2006-2007 වසරේදී එංගලන්තයට එරෙහිව පන්දුවාර 50 ලෝක කුසලාන ජයග්‍රහණ දෙකක් සහ ඔස්ට්‍රේලියාවේ අළු බඳුන ටෙස්ට් ජයග්‍රහණයේ කොටස්කරුවෙක් ද විය.