පළාත් කිහිපයකට ඉතා තද වැසි

0
411

දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල ත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ත්) දැනට පවතින වැසි තත්ත්වය තවදුරට ත් බලාපොරොත්තු වන කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම්ස්ථාන වලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැක.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු පළාතේ ත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව ය.

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ත් විටින් විට හමන තද සුළං පැ.කි.මී. (40-50) ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරට ත් පැවසීය.