ලක්ෂ්මන් හුළුගල්ල අභාවප්‍රාප්ත වෙයි

0
982

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස සේවය කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 66 වන වියේ පසු විය.

ඔහු 2020 වර්ෂයේදී ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළේ ය.

හුළුගල්ල මහතා බ්‍රිතාන්‍යයේ හා ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් තනතුරට පත්කිරීමට 2020 වර්ෂයේදී යෝජනා කෙරුණු අතර ඒ අනුව ඔහුට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කොන්සල් ජනරාල් තනතුර හිමි විය.