මෙවර ශ්‍රී පාද වන්දනා වාරය අවසන් වන දිනය

0
421

2021-2022 වර්ෂය සඳහා වූ ශ්‍රී පාද වන්දනා වාරය මැයි 17 වන දායින් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති, සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියෝ පවසති.

ශ්‍රී පාද වන්දනා වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවති රැස්වීමකදී උන්වහන්සේ මේ බව පැවසූහ.

උන්වහන්සේ ප්‍රකාශ කළේ, මැයි 15 සහ 16 දෙදින ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමට හැකි බව ය.

මැයි 17 වන දා දහවල් පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව ශ්‍රී පාද උඩ මළුවවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ යුද්ධ හමුදා භට පිරිස් සහයෝගය ඇතිව ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කිරීමට නියමිත ය.

  • රංජිත් රාජපක්ෂ – හැටන්