GMOA බලය පාදෙණියලාගෙන් ගිලිහෙන ලකුණු

0
1227

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය සඳහා ඉදිරිපත් කිරීමට දැනට බලයේ සිටින වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු පිරිසට කණ්ඩායමක් සොයාගත නොහැකි වී ඇතැයි වාර්තා වේ.

එම නිලවරණය ජුනි මස 11 වන දා පැවැත්වීමට නියමිතව ඇති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඒ සඳහා නාම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ, රාජපක්ෂ විරෝධී කඳවුර නියෝජනය කරන කණ්ඩායමක් වන වෛද්‍ය හරිත අලුත්ගේගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම විසිනි.

මේ අතර, පරිපාලන වෛද්‍යවරුන් නියෝජනය කරමින් තවත් කණ්ඩායමක් ද නාමයෝජනා දී ඇතත් වෛද්‍ය හරිත අලුත්ගේගේ කණ්ඩායම ජය ගනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෝ පවසති.

වෛද්‍ය අලුත්ගේ පසුගිය සමයේ සෞඛ්‍ය අමත්‍යංශය තරයේ විවේචනය කළ අයෙක් වන අතර ඒ හේතුවෙන් ඔහු පාදෙණිය පාර්ශ්වයේ උදහසට ලක්ව සිටි අයෙකි.

වෛද්‍යවරුන් නියෝජනය කරන සංවිධාන රැසක් වෛද්‍ය හරිත අලුත්ගේට සහාය දීමට කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.