ශ්‍රී ලංකාවට නවසීලන්ත ඩොලර් ලක්ෂ 5ක ආධාරයක්

0
620

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අවදානමට ලක් විය හැකි මෙරට දරුවන්ට සහ දුෂ්කරතාවලට මුහුණ දී සිටින ගොවීන්ට සහය වීම සඳහා නවසීලන්ත ඩොලර් 500,000ක මූල්‍යාධාරයක් පිරිනමන බව නවසීලන්ත රජය පවසයි.

එරට විදේශ කටයුතු අමාත්‍ය නනායා මහූටා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ඇය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව අත්විඳින දුෂ්කරතා ගැන නවසීලන්තය දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බව ය.

ඒ අනුව, එම මූල්‍යාධාරය ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හරහා ශ්‍රී ලංකාවට ලබා දෙන බව ඇය සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර ඇත.

ඉන් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වසර 30කට අධික කාලයක් පවතින සහයෝගිතාව තවදුරට ත් ශක්තිමත් වන බව සඳහන් කරන ඇය පෙන්වා දෙන්නේ, නවසීලන්තය ශ්‍රී ලංකාවට නවසීලන්ත ඩොලර් මිලියන 25.7ක සංවර්ධන ආධාර එම කාලය තුළ ලබා දී ඇති බව ය.