Netflix ලා Hollywoodවලට කළ වැඩේම Amazon Primeලා  Netflixවලට කරයිද?

0
262

Netflixලා Hollywood වලට කළ වැඩේම Amazon Primeලා Netflix වලට කරයිද වගේ නිවුස් එකක්, මේ වෙනකොට මුළු streaming ලෝකයම හොලවන්න සමත් වෙලා තිබෙනවා. Netflixලා හොලිවුඩ්ලාගේ මුළු සිනමා Indrustry එකම නැති කරලා දාලා මුළු හොලිවුඩ් සිනමාවම තමන්ගේ පාලනයට ගත්තා කියලා දන්නවනේ. ඉතිං.  නෙට්ෆ්ලික්සලගේ ටුඩුම්, ඩිස්නිලගේ ඩිස්නි+ඩේ එක එහෙම දන්නවා ඇතිනේ.

Prime Video Presents India කියන්නෙ ඇමසන්ලගේ අලුත්ම ඉන්දියන් කන්ටෙන්ට් ගැන Announcement දෙන ඉවෙන්ට් එක. හින්දි, තෙලිඟු, දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම අලුත් ප්‍රොජෙක්ට්ස් 40කට වඩා අප්‍රේල් 29 වැනිදා මේ ඉවෙන්ට් එකේදී එනවුන්ස් කළා. මේවා මේ දෙකයි පනහේ ප්‍රොජෙක්ට් නෙවෙයි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඔක්කොම හයි බජට් සහ ටොප් ක්ලාස් ඇක්ටර්ස්ලා, ඇක්‍රට්‍රස්ලා එක්ක කරන මාර ජාතියේ ප්‍රොජෙක්ට්ස්. ඒ වගේම ඇමසන්ලගේ සුපර් හිට් සීරිස් ගොඩක් අද අලුත් සීසන් එකකට රිනීව් කළා. ඔයා ටෘෘ ඉන්දියන් ෆිල්ම්/සීරිස් ෆෑන් කෙනෙක් නම් මේ ඔක්කොම බලනකම් නින්දක් නැති වෙයි.

ඉවෙන්ට් එකේ Announcement ටික කියන්න කලින් තව පොඩි සෑඩ් නිවුස් එකකුත් කියන්න තිබෙනවා. මතක ඇතිනෙ පහුගිය දවස්වල නෙට්ෆ්ලික්ස් එකේ ලොකු පසුබෑමක් දකින්න ලැබුණා කියලා. මේ නිසාම නෙට්ෆ්ලික්ස්ලා එයාලගේ ගොඩක් ඔරිජිනල් කන්ටෙන්ට්ස් අඩු කරන්න තීරණය කරලා තිබෙනවා. නෙට්ෆ්ලික්ස්ලා එයාලගෙ ඔරිජිනල් ඉන්දියන් ප්‍රොජෙක්ට්ස් 90%ක්ම අයින් කරලා. නෙට්ෆ්ලික්ස් කියන්නෙ ඉන්දියන් වෙබ් සීරිස්වලට මුල්ගල තියපු ආයතනය. Sacred games, Betaal, Delhi Crimes වගේ සුපර් හිට් වෙබ් සීරිස් ඔක්කොම නෙට්ෆ්ලික්ස්ලගේ. මේක එයාලා ගත්තු ලොකුම වැරදි තීරණයක් කියලා ළඟදීම බලාගන්න පුළුවන් වෙයි. සෑඩ් නිවුස් එකත් එක්කම හැපි නිවුස් එකකුත් තිබෙනවා. ඇමසන් එකෙන් Ajay Devgan Films, Dharma Productions, Excel Entertainment ඇන්ඩ් Yash Raj Films කම්පැනි එක්ක ඩීල් ගහලා. ළඟඳීම මේ කම්පැනීස් ඔක්කොගෙම ෆිල්ම්ස් ඇමසන් වැටෙයි. ඉන්දියන් ෆිල්ම් ඉන්ඩස්ටි්‍ර එක ගැන පොඩි හරි අයිඩියා එකක් තියෙන කෙනෙක් දන්නවා මේ ප්‍රඩක්ෂන් කම්පැනීස් ටික කොච්චර මොන වගේ දැවැන්ත වැඩද කරලා තිබෙන්නෙ කියලා.

එහෙනම් කෙළින්ම යමු ඒ Announcement ටික මොනවද බලන්න.

මුලින්ම කිව්වොත් මේ ඉවෙන්ට් එක Host කළේ කරන් ජොහාර්. Event එක පටන් ගත්තෙම බ්ලාස්ට් එකකින්. ඒ තමයි Farzi සීරීස් එකේ ෆස්ට් ලුක් එක. ශාහිඩ් කපූර්, විජේ සේතුපති සහ රශී කන්නා තමයි ප්‍රධාන චරිතවලින් මේ නිර්මාණයට දායක වෙන්නේ. කතාව කොන් ආර්ටිස්ට් කෙනෙක් වටේ තමයි ගෙතිලා තිබෙන්නේ. කොන් ආර්ටිස්ට් කෙනෙක් කියන්නේ ලංකාවේ කූඹියෝ එකේ ජෙහාන් වගේ ඩයල් එකක්.

කුනාල් කෙම්මු ප්‍රධාන චරිතයෙන් එකතු වෙන Gulkanda Tales සීරිස් එක අනවුන්ස් කළා. බොසාව දන්නවා ඇතිනෙ. ගෝල්මාල් එකේ එහෙම හිටියා. කුනාල්ගේ පළමුවැනි ෆිල්ම් එක වුණු කලියුග්වලින්ම වැඩ දාලා industry එකේ ස්ථාවර වුණු පට්ටම චරිතාංග නළුවෙක්.  Jubliee කියලා ෆික්ෂනල් පීරියඩ් සීරිස් එකක් අනවුන්ස් කළා. මේකෙ ප්ලොට් එක 90වල බොලිවුඩ් එක ගැන කියලා තමයි සඳහන් වෙන්නේ. Prosenjit Chatterjee, Aditi Rao Hydari Sidhant Gupta සහ Sidhant Gupta වැනි දක්ෂ තරුණ නළු-නිළියන් මේ සඳහා දායක වන බව කියලා තිබෙනවා.

Family Man  බලලා තිබෙනවද? ඇමසන්ලගේ ෆේමස්ම සීරිස් එක මේක. Manoj Bajpaee තමයි ප්‍රධාන චරිතයෙන් දායක වෙන්නෙ. බලලා නැත්නම් අනිවා බලන්න. ගෙදර මිනිස්සුන්ට බොරු කියලා ඉන්දියානු බුද්ධි අංශයේ වැඩ කරන පුද්ගලයෙක් වටා තමා මුළු ස්ටෝරි එකම දුවන්නේ. මේකේ සීසන් 2 වල තිබුණේ ලංකාවේ ත්‍රස්තවාදය ගැන ස්ටෝරි ලයින් එකක්. මේකත් තව සීසන් එකකට රිනීව් කළා.

ඇමසන්ලගෙ සුපිරිම ත්‍රිලර් ඩ්‍රාමා එකක් වෙන Mirzapur සීසන් 3වලට රිනීව් කළා. පන්කජ් ත්‍රිපති තමා ප්‍රධාන චරිතයට දායක වෙන්නෙ.P.I. Meena කියලා ක්‍රයිම් මිස්ටි්‍ර සීරිස් එකක් අනවුන්ස් කළා. ෆීමේල් ක්‍රයිම් ඉන්වෙස්ටිගේටර් කෙනෙක් ගැනලු සීරිස් එකේ තියෙන්නේ. Happy Family Conditions Apනතර කියලා ෆැමිලි-කොමඩි සීරිස් එකක් අනවුන්ස් කළා.

Shehar Laklot කියලා neo noir සීරිස් එකක් අනවුන්ස් කළා. නොකරපු වැරැද්දක් වෙනුවෙන් තමන්ගේ ඉනසන් එක පෘෘ කරන්න ට්‍රයි කරන කෙනෙක් ගැනලු සීරිස් එකේ තිබෙන්නේ. Naga Chaitanya දන්නවනේ? තෙළිඟු සිනමාවේ සාර්ථකම නළුවෙක්. බොසාගෙ සුපර්නැචුරල් හොරර් සීරිස් එකක් අනව්න්ස් කළා. නම Dhootha.

Sweet Karem Coffie කියලා ටැමිල් සීරිස් එකක් අනවුන්ස් කළා. මේ සීරිස් එක රෝඩ්ටිප් එකක් ගැනලු බේස් වෙලා.

Suzhal The Vortex නමින් සයිෆයි මිස්ටි්‍ර සීරිස් එකක් අනවුන්ස් කළා. පොඩි ටවුන් එකක සිද්ධ වෙන මිසින් කේස් වගයක්ලු මේ සීරිස් එකේදී අපිට බලාගන්න පුළුවන්. Vadhandhi කියලා ත්‍රිලර් සීරිස් එකක් අනවුන්ස් කළා. තරුණියක් ඝාතනය කරන සිද්ධි මාලාවක් වටේලු සීරිස් එක බේස් වෙන්නේ.

ඉන්දියාවේ ටොප් ඇක්ටර් කෙනෙක් වෙන ආර්යා ප්‍රධාන චරිතයෙන් එකතු වෙන හොරර් සීරිස් එකක් අනවුන්ස් කළා. මේක ගොඩක් ලොකු ප්‍රොජෙක්ට් එකක්. ඉන්දියාවෙ ෆස්ට් එවර් ග්‍රැෆික් නවල් බේස්ඩ් සීරිස් එක තමයි මේක. නම The Village.

Modern Love නමින් දෙමළ, තෙළිඟු, හින්දි භාෂා තුනෙන්ම සීරිස් තුනක් අනවුන්ස් කළා. මීට ටික කාලෙකට කලින් ආක්ශේ සහ ජැක්ලීන් ප්‍රධාන චරිතවලින් එකතු වෙන රාම් සේතු මූවි එක අනවුන්ස් කළා. අද ඉවෙන්ට් එකේදී මේ මූවි එකේ ෆස්ට් ලුක් එකක් රිලීස් කළා.

විද්‍යා බාලන් ප්‍රධාන චරිතයෙන් එකතු වෙන Neeyat ක්‍රයිම් මූවි එක අනවුන්ස් කළා. මේකෙ ප්ලොට් එක විධිහට බිලියනෙයර් කෙනෙක්ගෙ බර්ත්ඩේ පාර්ටි එකක සිද්ධ වෙන මර්ඩර් එකක් ඵධතමඥ කරන විදිහ අපිට බලාගන්න පුළුවන්ලු.

Hush Hush  නමින් මිස්ටි්‍ර සීරිස් එක අනවුන්ස් කළා. මේකේ කාස්ට් එකට juhi chawla,Karishma Tanna, kiritika kamra සහ Shahaa Goswami එකතු වෙලා තිබෙනවා. Story ප්ලොට් එක ගැන කිසිම සඳහනක් වෙලා තිබුණේ නැහැ.

මතකද අවුරුදු කිහිපෙකට කලින් Breath Into The Shadows නමින් සීරිස් එකක් නිකුත් වුණා? ප්‍රධාන චරිතයෙන් එකතු වුණේ බොලිවුඩ් සුපිරි නළු අභිශේක් බච්චන්. මේක එදාමෙදා තුර ඉන්දියන් රූපවාහිනි කතාමාලා ඉතිහාසයේ හොඳම සීරිස් එකක් විධිහට සැලකෙනවා. මේ සුපර්හිට් එක සීසන් 2වල රිනීව් කළා. තවත් ට්විස්ට් සහ මයින්ඩ් ගේම් ගොඩක් එක්ක පට්ටම ත්‍රිලින් රයිඩ් එකක් යන්න ලෑස්ති වෙන්න එහෙනම්.

India Love Project රොමෑන්ස් සීරිස් එක අනවුන්ස් කළා. ඉන්දියාවේ ප්ලේසස් කිහිපයක ලව් ස්ටෝරීස් කිහිපයක් ගැන සීරිස් එකේ පෙන්නනවලු.

මුලින්ම කිව්වා වගේ මේ වෙද්දී ඇමසන්ලා ඉන්දියාවේ ලොකුම ෆිල්ම් ප්‍රඩක්ෂන් කම්පැනි සේරම එක්ක වගේ ඩීල් ගහලා තිබෙන්නේ. මේ කම්පැනීස්වල ෆිල්ම්ස් 3-5 අතර ප්‍රමාණයක පෝස්ට් තියටරිකල් රිලීස් රයිට්ස් මේ ඩීල්ස් නිසා ඇමසන්ලට ලැබෙනවා. ඒ වගේම,

Dharma Production

–              Jug Jug Jeeyo

–              Govinda Nam Mera

–              Rocky Our Rani Ki Prem Kahani

Ajay Devgan FFilms

–             Runway 34

–             Thank God

–             Drishyam 2

–            Bhola

Yash Raj Films

–             Jayeshbhai Jordaar

–              Prithviraj

–              Tiger 3

–              Pathaan

–             Shamshera

Excel Entertainment

–            Phone Bhoot

–             Yudra

–             Fukrey 3

–             Jee Le Zara

–             Kho Gaye Hain Hum Kahan

මේ සේරම බොලිවුඩ්වල බිග් ප්‍රොජෙක්ට්ස්. මුළු ඉන්දියන් ෆිල්ම් ඉන්ඩස්ටි්‍රයම ඇමසන්ලා අල්ලගන්න යන පාටක් තමයි පේන්න තිබෙන්නේ. ඉවෙන්ට් එක අන්තිමට කොප්වර්ස් එකේ පළමුවැනි සීරීස් එක වෙන Indian Police Force සීරිස් එකේ පැනල් එක තිබුණා. රෝහිත් ශෙට්ටි සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා දෙදෙනාම මේ පැනල් එකට සහභාගි වුණා. මේ පොලිස් යුනිවර්ස් එකේ අජේ දේව්ගන්ගේ Singham, රන්වීර් සිංග්ගේ Simmba වගේම අක්ෂේ කුමාර්ගේ sooryawanshi ෆිල්ම් වල එකතුවක් දකින්න ලැබෙනවා.

නෙට්ෆ්ලික්ස් එක ටිකෙන් ටික ඉන්දියන් සිනමාවෙන් ඉවත්වන විට ඇමසන්ලා මේ ගහන ගේම නම් මරු. අද අනවුන්ස් කරපු ප්‍රොජෙක්ට් සේරම මෙතන සඳහන් වෙලා නැහැ. තව ඩොකියුමන්ටි එහෙම කිහිපයක්ම තිබුණා. ඒ වගේම මේ ප්‍රොජෙක්ට්ස් ඔක්කොම ප්ලෑන් කරලා තියෙන්නේ ඉදිරි අවුරුදු පහටලු! ඔතනින් පහක් හෝ හයක් වගේ සුළු ප්‍රමාණයක් තමයි අපිට මේ අවුරුද්දෙ බලාගන්න වෙන්නේ.

ඉතින් ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියන නිසා කොහොමහරි ඉවසලා මේ ටික බලාගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. 

රමෝද් ජයවර්ධන