“මුදල් මුද්‍රණය නොකළොත් රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවන්න බැහැ”: අගමැති කියයි (VIDEO)

0
437

මුදල් මුද්‍රණය නොකළහොත් රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බී.බී.සී. සිංහල සේවය සමග ප්‍රකාශ කර තිබේ.

බී.බී.සී. සිංහල සේවය සමග ඊයේ (මැයි 13) සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, මුදල් මුද්‍රණය තම ප්‍රතිපත්ති නොවූව ද මුදල් මුද්‍රණය කිරීමට සිදුව ඇති බව ය.

“දැනට කරන්න සිදුවෙනවා. නොකෙරුවොත් පඩි ගෙවන්න බැරි වෙනවා රජයේ සේවකයින්ට. උග්‍රම ආර්ථික අර්බුදයට අපි මුහුණ දෙන්නේ. මං හිතන්නේ නැහැ සුද්දන්ගේ කාලෙවත්, ඕලන්ද කාලේවත් මේවගේ ආර්ථිකය කඩා වැටීමක් වුණා කියලා.

මේ අවුරුද්ද තමා අපිට අමාරු ම අවුරුද්ද, විදේශ විනිමය නැහැ. ආණ්ඩුවට ආදයම් නැහැ. විදේශ විනිමය එක්ක ව්‍යාපාර ක්‍රියාකාරන්නේ නැත්නම් ආදායම් අඩුවෙනවා.”

අග්‍රාමාත්‍යවරයා ⁣ප්‍රකාශ කර ඇත්තේ, “දැනට කියන විදිහට ඩොලර් බිලියන 3ක් විතර උවමනයි කියලා. දැනට මේක ලබා ගැනීම තමා අපිට තියෙන පළවන අභියෝගය. ඒක කරන්න තමයි මං දැනට ක්‍රියාකරන්න බලන්නේ. අපි මේ පෝලිම් නැති කරන්න ඕනේ. සාමාන්‍ය ජීවිතයක් ඇති කරන්න ඕනේ.”

මේ අතර, මීට දින කිහිපයකට පෙර මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද ප්‍රකාශ කළේ, රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට මුදල් මුද්‍රණය කිරීමට සිදු වන බව ය.

බී.බී.සී. සිංහල සේවය සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙතැනින් බලන්න…