විදුලි බිලට ත් වැඩේ දෙන්න PUCSL සභාපති පාර හදයි

1
788

මෙම වසරේ විදුලි බිල ඉහළ දැමීමට කටයුතු නොකරන්නේ නම්, ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 230ක පමණ පාඩුවක් විඳීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, විදුලි බිල සංශෝධන කටයුතු රජයේ ප්‍රතිපත්ති මත තීරණය කෙරෙනු ඇති බව ය.

“ඒක තීරණය වෙන්නේ රජයේ ප්‍රතිපත්ති මත. රජයේ තීරණය කළොත් මේකට සහනාධාරයක් දෙනවා, මොන කණ්ඩායමට ද සහනාධාරයක් දෙන්නේ කියලා, ඒ ප්‍රතිපත්ති මත තමයි අපි තීරණය කරන්නේ විදුලි බිල සංශෝධනය විය යුත්තේ කියලා. ඒක රජයේ ප්‍රතිපත්තිය. රජයේ ප්‍රතිපත්තිය අපිට දන්වපුවාම අපි ඒ පිළිබඳ අවශ්‍ය කටයුතු සූදානම් කරනවා.”

මේ අතර, වෙසක් පොහොය යෙදී ඇති හෙට (මැයි 15) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ජනක රත්නායක මහතා සඳහන් කළේ ය.

ඔහු පෙන්වා දුන්නේ, ඉදිරි මාස කිහිපය තුළ පැය 10ක 12ක පමණ කාලයක් විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ය.

1 COMMENT

  1. අදත් රත්නපුරට 12 pm සිට 3 pm දක්වා පැය 3ක් විදුලිය කැපුවා. පෝය දවසේවත් බොරැ කියන්න එපා.

Comments are closed.