රනිල්ගේ අලුත් කැබිනට්ටුවට පරණ ඇමතිවරු 4 දෙනෙක් දිවුරුම් දෙති

0
576

පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යනුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යවරුන් 4 දෙනෙකු පත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, ඔවුන් අද (මැයි 14) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

  1. විදේශ කටයුතු – මහාචාර්ය ජී.එල්. පීරිස්
  2. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන – දිනේෂ් ගුණවර්ධන
  3. නාගරික සංවර්ධන හා නිවාස – ප්‍රසන්න රණතුංග
  4. විදුලිබල හා බලශක්ති – කංචන විජේසේකර