BlackPink ‘Jisoo’ ගායනය අත හැර රංගනයට හැරෙයිද?

0
646

BLACKPINK ” In Your Area… ඔන්න එහෙම කියලා තමයි අද කතාව පටන් ගන්න යන්නෙ. මේ වෙද්දී “ඕතචජඬර්ථීඪදඬ”  නම ඇහුණම ඒ කවුද, මොනාද කරන්නෙ කියලා නොදන්න කෙනෙක් හොයා ගන්නත් නැතිම තරම්. මොකද ඒ තරමට මේ වෙද්දි මේ Girl Group එක ලෝක ප්‍රසිද්ධ වෙලා තිබෙනවා. දකුණු කොරියාවේ තියෙන ප්‍රධාන Bandවලින් එකක් තමයි මේ “BlackPink”  කියන්නේ…

 හැබැයි අද මේ කතාව ඒ Group එක ගැන නෙවෙයි. මේ කතාව Group එකේ ඉන්න සාමාජිකාවන් හතර දෙනාගෙන් Main vocalist කෙනෙක්, ඒ වගේම Group එකේ Leader විදිහට කටයුතු කරන “Jisoo” ගැන. Jisoo ගැන කතාව පටන් ගන්න කලින් BLACKPINK ගැන නොදන්න කෙනෙක් ඉන්නව නම් ඒ ගැන පොඩි පොඩි කරුණු ඔස්සේ කෙටි දැනුවත් කිරීමක් කරලම ඉන්න මම හිතුවා.

“BLACKPINK” කියන්නේ දකුණු කොරියාවේ තිබෙන ප්‍රධාන Music Groupවලින් ප්‍රධානම එකක් කියලා මම කලිනුත් කිව්වා. බොහෝම දක්‍ෂ, ඒ වගේම හරිම සුන්දර ගෑනු ළමයි 4 දෙනෙක්ගෙන් තමයි මේ group එක සමන්විත වෙන්නේ. ඔවුන් නම් වශයෙන් කියනව නම් Kim Jisoo, Jennie Kim, Roseanne Park, Lalisa Manoban. මොවුන් දකුණු කොරියානු සංගීත කණ්ඩායමක් විදිහට ලෝකප්‍රකට වුණාට කොරියාවට උපතේ පටන් අයිතිය කියන දෙන්නෙක් විතරයි. මේ group එකේ ඉන්නෙ. ඒ Jisoo සහ Jennie. Lisa ගෙ උපන් රට තායිලන්තය. ඒ වගේමයි Rose අයිති වෙන්නේ නවසීලන්තයට. 2016 දී තමයි මොවුන් 4 දෙනා Girl Group එකක් විදිහට මුලින්ම ඔවුන්ගේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ. එදා පටන් අද දක්වාම ලෝකයේම ආකර්ෂණය දිනා ගනිමින් ඔවුන් ඉදිරියට ගමන් කරමින් සිටිනවා.  “BLACKPINK” ගේ Genre එක K-Pop, EDM, Hip Hop සහ Trap. ඒ තමයි කෙටියෙන්ම Blackpink.

Back to the topic මුලින්ම කිව්වා වගේ අද මේ කතාව වෙන් වෙන්නේ Jisoo ගැන. ඒ කියන්නෙ Blackpink ගෙ Lead Singe ගැන. Jisoo ට ආදරේ කරන එයාගෙ Fan ලා නම් මේ වෙද්දී දන්නවා ඇති Jisoo සංගීත ක්‍ෂේත්‍රයට අමතරව දැන රංගන ක්‍ෂේත්‍රයටත් පිවිසීම ආරම්භ කරලා තිබෙන බව. Jisoo නම් කියන විදිහට එයාට චූටි කාලෙ ඉඳලම singer කෙනෙක් වගේම actress කෙනෙක් වෙන හීනයක් ලොකුවටම තිබිලා තිබෙනවා. දැන් එයා එයාගේ ඒ හීන දෙකම සාර්ථක වෙලා තියෙන එක ගැන jisoo හරිම සතුටු වෙනවලු. Jisoo රංගන ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ කොටස් 16 කින් යුත්  “SNOWDROP” Series  එක හරහා. ඔයා snowdrop මේ වෙද්දි බලලා තිබෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දන්නවා ඇති ඒ Drama එකේ අපේ jisoo ගෙ acting හරිම perfect. Jisoo එක්ක රඟපාන ප්‍රධාන mail character එක Jun Hae – In. ඔවුන් දෙදෙනාගේම දක්‍ෂ රංගන කුසලතාව විදහා දක්වන ගමන් පහුගිය දවසක Snowdrop කතා මාලාව නිමාවට පත්වුණා.

හැබැයි Jisoo ගෙ රංගන ජීවිතේ නම් නිමාවට පත්වෙලා නෑ. මේ දවස්වල South Koreaවල ඉන්න jisoo ගෙ fans ලා අලුත්ම අලුත් ආරංචියක් හොයාගෙන තිබෙනවා. ඒක ගැන තමයි දැන් මේ කියන්න යන්නෙ. දකුණු කොරියාවේ Social Mediaවල වගේම News Websites වල දක්වලා තියෙන විදිහට jisoo අලුත් Drama එකකට ලෑස්ති වෙනවා. ඒකෙ නම “Perfect Admirer” කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. විශේෂම දේ මේ Drama එකේ Lead mail character එකට සම්බන්ධ වෙන්න ඉන්නෙ “Park Seo Joon” කියලා තමයි ආරංචි මාර්ගවලින් පෙන්වා දෙන්නේ. Korean Drama Lover කෙනෙක් නම් අනිවාර්යයෙන්ම Park Seo Joon ගැන නොදැන ඉන්න විදිහක් නෑ. මොකද Seo Joon කියන්නෙත් මේ වෙද්දි කොරියාවේ ඉන්න අතිදක්‍ෂ, කඩවසම්, සුප්‍රසිද්ධ නළුවෙක්. එකකට එකක් වෙනස් චරිත රඟපාන්න කැමැති seo joon එක්ක jisoo ව drama එකක දකින්න ලැබෙනවා කියන්නෙම පුදුමයට කරුණක්. ඉඥධ බ්ධධද කියන්නෙ හුඟක් වෙලාවට Romance සහ Action Genre රඟපාන්න කැමැති නළුවෙක් නිසා මේ ” Perfect Admirer ” Drama එකත් Romance, Action මුල් කරගෙන නිර්මාණය වෙයි කියලා අපිට අනුගමනය කරන්න පුළුවන්. ප්‍රධාන චරිතවලට දායක වෙන Jisoo ට සහ ඉඥධ බ්ධධදට අමතරව මේ Drama cast එකට සම්බන්ධ වෙලා ඉන්න අනික් දක්‍ෂ නළු නිළියෝ ගැනත් මතක් නොකරම බැහැ. ආරංචි මාර්ගවල දැක්වෙන හැටියට Shin Min Ah, Kang So Ra, Lee Sung Kyung, Lee Yoo Mi and Park Hyung Sik වගේ දක්‍ෂයො ටිකක් තමයි මේකට සම්බන්ධ වෙලා ඉන්න අනික් පිරිස. Jisoo ගේ  Seo joon ගේ fans ලට වගේම ඔන්න මෙයාලගේ fans ලටත් මේක සුබ ආරංචියක් වෙයි. මේ ඛ්චඵබ එක ගැන දැක්කනම් Perfect Admirer අනිවාර්යයෙන්ම Hit එකක් වෙයි කියලා හිතෙනවා නේද?

ඒ වුණත් කට් Entertaining, ඒ කියන්නෙ Blackpink ගෙ agency එක කියන විදිහට 2022 කියන්නෙ blackpink ලට වැඩ හුඟක් අධික කාලයක්. ඉතිං ඒ තරම් Busy shedule එකක ඉඳගෙන Jisooට එයාගෙ රංගන ජීවිතය කරගෙන යන්නත්,  “Perfect Admirer” Drama එකට සම්බන්ධ වෙන්නත් පුළුවන්කමක් තිබෙයිද කියලත් කොරියාවේ ප්‍රේක්ෂකයන් තර්ක කරනවා. හැබැයි ඇත්තටම Jisoo සහ Park seo joonව එකම drama එකක දකින්න ලැබෙනවා කියන්නෙම සෑහෙන famous Drama එකක් නිර්මාණය වෙයි කියල නම් අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. එහෙම වුණොත් Snowdrop වලින් පස්සේ Jisoo ගෙ අපිට දකින්න ලැබෙන අතිශයින්ම අපේක්ෂිත Drama එක  “Perfect Admirer වෙයි. ඉතිං එහෙනම් Jisoo ගෙ Fansලට මේ ආරංචියත් එක්ක ඔන්න පුළුවන් Jisooගෙ අලුත් Drama එක එනකම් මඟ බලාගෙන ඉන්න. Drama එකේ Shooting ආරම්භ වෙන කාලසීමාවෙදී අනිවාර්යයෙන්ම අපි ආයෙත් “Perfect Admirer තවත් කරුණු රාශියකින් හමුවෙමු.

හිරූ ෆර්නෑන්ඩෝ