අනුර සහ අමෙරිකානු තානාපති ජූලි චන්ග් අතර හමුවක්

1
1227

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය අතර හමුවක් අද (මැයි 14) සිදුව තිබේ.

ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සම්බන්ධ වී ඇත.

එහිදී ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන හදිසි අභියෝග ගැන සාකච්ඡා කළ බව ජූලි චන්ග් මහත්මිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ඇය සඳහන් කරන්නේ, ආර්ථික අර්බුදයට තිරසාර විසඳුම් කරා යාමට ශ්‍රී ලංකා රජය දරන ප්‍රයත්න දිරිමත් කිරීම සඳහා තමන් පුළුල් පරාසයක දේශපාලන නියෝජිතයන් හමුවෙමින් සිටින බව ය.

1 COMMENT

Comments are closed.