සජිත් ජනපතිට යැවූ සැර පිළිතුරු ලිපිය

0
569

ජනාධිපතිවරයා විසින් දැනට පිහිටුවීමට අදහස් කරනු ලබන අමාත්‍ය මණ්ඩලයට සමගි ජන බලවේගයේ කිසිදු සාමාජිකයෙකු යෝජනා නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, නව අමාත්‍ය මණ්ඩලයට එක්වීමට කැමති නම් ඒ පිළිබඳව නොපමාව තමන්ට දැනුම් දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විපක්ෂ නායකවරයා වෙත යොමු කර තිබූ ලිපියට පිළිතුරු ලබා දෙමිනි.

අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට කැමති බව තමා විසින් මුල් වරට දැනුම් දෙන ලද්දේ පසුගිය 12 වන දා බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් ම වැරදි බව ප්‍රේමදාස මහතා සිය ලිපියේ සඳහන් කර තිබේ.

ඔහු අවධාරණය කරන්නේ, ජනාධිපතිවරයා විසින් දැනට පිහිටුවීමට අදහස් කරනු ලබන ආණ්ඩුව ජනමතයට පටහැනි බව ය.

අදාළ ලිපිය පහතින් දැක්වේ.