වෙසක් සඳ රාහු අල්ලයි

0
469

මැයි මස 15දා ඉරිදා අපර භාග 12.44ට වෙසක් පුර පසළොස්වක පොහොය ලබන අතර වෙසක් පුර පසළොස්වක තිථිය පවතිද්දීම පසුදා එනම් මැයි මස 16දා සඳුදා පෙ.ව. 9.42ට වෙසක් සඳ රාහු අල්ලයි.  එය පූර්ණ චන්ද්‍රග්‍රහණයකි.

වෙසක් පුර පසළොස්වක ගෙවන්නේ මැයි 16දා සඳුදා පෙ.ව. 9.44ටය. ඒ අනුව වෙසක් පුර පසළොස්වක ගෙවී යෑමට විනාඩි දෙකකට පෙර මෙලෙස වෙසක් සඳ රාහු ඇල්ලීම සිදුවෙයි.

චන්ද්‍ර රාශි ක්‍රමයට අනුව මෙම අවස්ථාවේ උදාව පවතින්නේ වෘශ්වික රාශියයි. එසේම ගුරුට අයත් විසා නැකැතේ හතරවන පාදයේදී මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය සිදුවෙයි.

ලංකා කේන්දරය බලන කල ආණ්ඩු පක්ෂය හෙවත් පාලක පක්ෂය නියෝජනය කරන දහවැන්න වෘශ්චිකයයි. සඳු වෘශ්චිකයට නීච/මූඪ/සම තත්ත්වයෙන් පවතී. සරල බසින් කිවහොත් සඳු වෘශ්චිකයේදී මෝඩ ගති පෙන්වයි. වෘශ්චිකයේදී ඉහත කී ආකාරයෙන් සඳු රාහුගේ ග්‍රහණයට හසුවීම ආණ්ඩු පක්ෂයේ ආලෝකය පහළට වැටෙන ආකාරයක් දක්වන්නකි. දැනට පාලක පක්ෂයේ නායකත්වය හොබවන පුද්ගල කේන්දරයේද ලග්නය වෘශ්චික බැවින් රටට මෙම තත්ත්වය තදබල ලෙස බලපාන බව පෙන්නුම් කෙරේ.

සඳු අධිපතිකම් කරන්නේ සිතට සහ ජලයටයි. එබැවින් එය මොළයේ වතුර පිරෙන තත්ත්වයකට සමාන වෙයි. එහෙයින් කාර්ය සාධනයේදී මනා සිහි බුද්ධියකින් තොරව කටයුතු සිදුවන තැනට පත්වෙයි.

රටේ විපක්ෂයේ පක්ෂ නියෝජනය කරන ලංකා කේන්දරයේ හතරවැන්න වෘෂභ රාශියයි.  එහි රවි ස්ථානගත වීම විපක්ෂයේ පක්ෂවල බලය වැඩිවීම පෙන්නුම් කරයි.

ශ්‍රී  ලංකා කේන්දරයේ ගුරු බලවත්ව ගමන් කරන මේ කාලයේ රට පාලනයට දක්ෂ ගුරුවරයකු බඳු තැනැත්තකු පහළවීම සිදුවිය යුතු බව ජේ‍යතිෂමය සිද්ධාන්ත අනුව පෙනී යන්නකි.

ඊට අමතරව සෙනසුරු ලංකා කුම්භ රාශි කේන්දරයේ ලග්නගතව බලවත්ව ගමන් කරන හෙයින් ඇතිවන සස යෝගයේ බලය හේතුවෙන් සාමාන්‍ය පොදු ජනතාවගේ ආකර්ෂණය හා ආශීර්වාදය ලබන නායකත්වයක් ඉදිරි කාලය තුළ ඉදිරියට පැමිණීම සිදුවිය යුතුව ඇත. සෙනසුරු ලග්නගතව ගමන් කරන කාලය තුළ මෙම සුවිසල් වෙනස සිදුවනු ඇත.

පෙර සඳහන් කළ වෙසක් පුන් පොහෝදා සිදුවන පූර්ණ චන්ද්‍රග්‍රහණයෙන් ඇතිවන දෝෂ සමනය කර ගැනීමටත් අපල දුරු කර ගැනීමටත් පහත ප්‍රතිකර්මය සියලු ලංකාවාසීන්ට යෝග්‍යවේ.

පුහුල්වැල්ලේ – සුසිල් ප්‍රේමචන්ද්‍ර විසිනි

දිවුල් කොළ සහ පොතු, කොළොං කොළ සහ පොතු, වැටකෙයියා ගොබය, සුදු හඳුන්, අගිල් යන මේවා සමව ගෙන තළා වතුර කළයකට දමා නටවා නිවුණු පසු ස්නානය කරන්න. පසුව නැවුම් වතුරින්ද ස්නානය කරන්න.