දේශීය ඔසු මිශ්‍රකොට ගෙදරදීම හදාගත හැකි ඖෂධීය සබන් වර්ගයක්

0
105

පුරාණ කල රාජ සමය ගෙවූ අවධියේ රජමාලිගා බිසෝවරු භාවිත කරන ලද ඖෂධීය සබන් විශේෂයක් ගැන හෙළ ඖෂධකරණයේ පින්බලයෙන් භාවිත කළ බවක් දැක්වේ. එම ඖෂධ සංයෝග එක්කර නවීන වනිතා ලෝකය සුවපත් කිරීමට දායකවීමට මෙම ඖෂධයෙන් උපයෝගී වන්නාහ. මුදල් භාවිතයෙන් තොර හුදු ශ්‍රමය එක්කර වනගත ඔසු මේ සඳහා සකස් වේය.

සබන් සෑදීමට ඔෟෂධ

කුංකුම

සුදු හඳුන්

රත් හඳුන්

කුඹුක් පොතු

අරලු

නෙල්ලි

ඉදුණු බෙලිවල ඇට සාරු

කෝමාරිකා යුෂ

වෙනිවැල් ගැට චූර්ණ

වදකහ

වියළි කහ

කටුවැල් බටු

පත්පාඩගම්

පාවට්ටා පොතු

සඳුන් තෙල්

දේවදාර චූර්ණ

වැල්මී

නාමල් රේණු

සෑම ඔෟෂධයක්ම ගෙන චූර්ණ කොට සම ප්‍රමාණ ගෙන භාජනයකට දමා පිරිසුදුවට කෝමාරිකා යුෂත් හොඳින් මිශ්‍ර කරන්න. චූර්ණයේ ප්‍රමාණය හොඳින් පෙඟී යාම සඳහා කෝමාරිකා යුෂ අවශ්‍ය වේ.

අතින් පොඩි කරමින් ඉතාම සිනිඳුවට මෘදුවට සකස් කරගත යුතු වේ. ඉන්පසු ඔබ කැමැති සබන් අසුරණයට ආකෘතියක් සාදා සබන් හැඩේට කපාගෙන මඳ රස්නය හිරුඑළියේ දින තුනක් තබා ඊට පසු සූර්ය විකිරණයේ සතියක් පමණ වියළාගෙන ටිෂූ පේපර්වල ඔතා පැක් කරන්න. මෙය පෙණ නොමැති සබන් ප්‍රලේපය අලෙවිය සඳහාද සකස් කරගත  හැකිය.

(පෙර කලදී රාජමහේෂිකාවෝ සිය සුන්දර රූපශ්‍රී ය රැකගැනීමේ ක්‍රමවේදය සඳහා ස්නානය කරන විට සිරුරේ ආලේප කරන ලද ඔෟෂධීය ප්‍රලේපයකි. ලප කැළැල් නැතිව කුරුලෑ බිබිළි වනසා ප්‍රේමනීය සිරුරක සමේ රූපශ්‍රී ය වඩවාලීම සඳහා භාවිත කරන ලදී. ඔබත් මෙය අත්හදා බලන්න. වෙළෙඳපොළේ දැනට පවතින මිල අධික වූ සබන් විශේෂයන්ට වඩා මෙය ශේ‍ර්ෂ්ඨ වේ.

හිසේ ගානවිට මුලින්ම දෙහි යුෂ හෝ දෙහි කැබැල්ලක් හිසතුඅල්ලා සෝදා හරින්න. මෙවිට හිසේ උකුණන් ඇත්නම් වඳවී යයි. හිසකෙස්වලට පූර්ණ නිරෝගිතාවක් ගෙන එයි. පසුව හිස සෝදා නෑම කරන්න. ඖෂධීය සබන් පසුව ගා නැවත නෑම කරන්න. හිසකෙස් අතරින් ඇඟිලි තුඩු යවා හොඳින් පිරිමදින්න. සිරුරත් එසේම පිරිමදිමින් සිරුරේ කුණු දූලි සෝදා හරින්න. මෙම නාන විටදී කරන සත්කාරය සිරුර ඔපවත්වීමට ද සම දීප්තිමත් වීමටද කෙස් වැවී නිරෝගී වීමට කරන මේ ක්‍රියාදාමය සිරුරේ පැවැත්මට මනා සත්කාරයකි.

පාරම්පරික වෛද්‍ය

බී. ඊ. ඇම්.

විජයසුන්දර