චීනෙන්  ආපු Feng Shui

0
549

පසුගිය සති කිහිපයට අදාළව අප විසින් සාකච්ඡා කරන ලද්දේ අධි මානසික බලයත්, මිථ්‍යාව හා දෙවිවරුන්ගේ නිර්මාණය සිදු වූ ආකාරයත් ජේ‍යාතිෂය සම්බන්ධව මිනිසුන් තුළ පවතින මිථ්‍යා විශ්වාසයත්, ජේ‍යාතිෂවේදීන් විසින් මිනිසුන්ට සිදු කරනු ලබන මුළාවන් පිළිබඳවයි. Feng Shui ශාස්ත්‍රය සම්බන්ධව මෙවර ලිපියෙන් විමසා බැලීමට අපි කාලය වෙන් කළෙමු. ඒ සම්බන්ධව සමාජ විද්‍යා පර්යේෂක ඒ.ඩී. ගුණසේකර මහතා සමඟ සාකච්ඡා කිරීමට මා තීරණය කළ අතර මේ ඔහු සහ මා අතර සිදුවූ කතාබහේ සංක්ෂිප්ත සංස්කරණයකි.

“Feng Shui”  ලෙස හඳුන්වන්නේ අතීතයේ දී චීනයේ පැවැති ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමයක්. එය චීනයේ වසර 3000කටත් පෙර පැවැති  අතීත ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමයක්. යම් අයකුට නිවෙසක් සාදා ගැනීමට අවශ්‍ය නම් එම නිවෙසට සුළඟ හා ජලය ලබා ගන්න පහසුකම් තිබෙන්න ඕන. ඒ අනුව Feng Shui කලාව පදනම් වන්නේ සුළඟ හා ජලය මතයි. අතීතයේදී සුළඟ හා ජලය ඉතා වැදගත් බව සලකා තිබුණා. ඒ නිසාම නිවෙසක් නිර්මාණය කරන විට අතීතයේ බොහෝ දෙනෙක් විශ්වාස කරපු දෙයක් තමයි ජලාශයක් ඉදිරියෙන් තිබෙන  කන්දක් පාමුල තිබෙන ඉඩමක නිවෙසක් සෑදිය යුතු බව. එවිට හොඳින් වාතාශ්‍රය ලැබෙනවා.

ඒ වගේම ජලය ප්‍රමාණවත් පරිදි පවතින බව විශ්වාස කළා. ඒ අනුව තමයි ජලය හා සුළඟ මත පදනම්ව Feng Shui යන නාමය යොදා තිබෙන්නේ. එය ක්‍රමයෙන් දියුණු වී නිවෙසකට හොඳින් හිරු එළිය ලැබිය යුතුයි. අධික ලෙස හිරු එළිය ලැබෙන ප්‍රදේශ ආවරණය වන පරිදි වහල හා බිත්ති නිර්මාණය කළ යුතුයි වගේ දේවල් පිළිබඳව අවධානය යොමු කළේ. ඒ වගේම දිශාව සම්බන්ධව දැනගන්න ඕනේ කියලා අවධානය යොමුකර, චුම්බකයක යන්ත්‍රයක් ආශ්‍රයෙන් ඒ කාලයේ ශාස්ත්‍රය කරන අය උතුරු හා දකුණු දිශාව සොයා ගෙන ඒ අනුව අනෙකුත් දිශාවන් සොයා දිශාවන්ට අනුකූල ආනතිය සකසා ඒ අනුව නිවසේ බිත්ති සහ කණු සකස් කිරීමක් සිදුකළා. එම ශාස්ත්‍රය Feng Shui ලෙස අතීත කාලයේ පටන් පැවැතුණා.

කාලයක් ගත වන විට මෙයට නොයෙක් නොයෙක් මිථ්‍යා විශ්වාස එකතු වුණා. එක්තරා කාලයකදී මෙයට “චී” යනුවෙන් ශක්තියක් පවතින බව එකතු වී තිබෙනවා. චී ශක්තිය හොඳින් නිවෙස තුළට ගලා ගෙන එන්න ඕනේ. එයින් වාසනාව ගලා එනවා යනුවෙන් මිනිසුන් විශ්වාස කළා. මෙය ක්‍රමයෙන් විකාශය වී නොයෙකුත් මිථ්‍යා විශ්වාස එකතු වී තිබෙනවා. වර්ෂ 1949 විප්ලවය සිදුවුණු කාලයේ දී ලංකාවේ තිබෙන මිථ්‍යා වගේ චීනය පුරාත් මිනිසුන් ගසාකන මිථ්‍යාවක් බවට Feng Shui කලාව පත්වෙලා තිබෙනවා. ඒ හේතුව නිසා මාඕ සේතුං විසින් එම කලාව තහනම් කළා. නමුත් කාලයක් ගත වන විට චීනයේ නව පාලකයන් විසින් චීනයට ආදායම් මාර්ගයක් ලෙස Feng Shui භාණ්ඩ නිෂ්පාදනය කර වෙනත් රටවල්වලට ආනයනය කර රටට ආදායම් ලබා ගන්නා මාර්ගයක් බවට පත්කරගෙන තිබෙනවා. ඉන් පසු Feng Shui කලාව ලෝකය පුරාම ක්‍රමයෙන් ව්‍යාප්ත වී තිබෙනවා. ලංකාව තුළ ද ඒ අනුව Feng Shui කලාව ව්‍යාප්ත වී තිබෙනවා.

අප රට තුළ ජ්ඥදඨ ඵඩභඪ කලාව සම්බන්ධව ඇති භාණ්ඩ සහ වාලම්පුරි වැනි නිෂ්පාදන මඟින් වාසනාව ලබාදෙන බව මිනිසුන් විශ්වාසය කිරීම පිළිබඳ මාගේ ප්‍රශ්නයට එතුමා ලබා දුන්නේ මෙවන් පිළිතුරක්.

“ඒ දේවල් තිබුණේ චීන ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමය තුළයි. යම්කිසි නිවෙසක් විවිධ වර්ණ සහිතව නිර්මාණය කරන්නට සහ වර්ණ යෙදීම වැදගත්. වර්ණවල වෙනත් ගුණාංග අඩංගුයි යන මතය පවතිනවා. ඒ වගේම නිවෙසක විවිධ Feng Shui භාණ්ඩ තබා ගැනීම හරහා වාසනාව ලැබේ යැයි විශ්වාස කරනවා. කාලයක් මිනිස්සු ලාෆින් ගෝඩ් කියන බුද්ධ ප්‍රතිමාව නිවෙස්වල තබාගෙන සිටියා. ඒ පිළිම තබාගෙන සිටි විට  සල්ලි ලැබෙනවා යැයි විශ්වාසය කළා. ජ්ඥදඨ ඵඩභඪ ශාස්ත්‍රය අතරත් මෙවැනි විසිතුරු භාණ්ඩ විශාල ප්‍රමාණයක් තිබෙන්වා. ඒවායින් වාසනාව ලැබෙනවා යැයි සිතා Feng Shui භාණ්ඩවලටත් වැඳුම්පිදුම් කරගෙන සිටිනවා. ඒ අය Feng Shui කලාවට ගණ දෙවියන් සම්බන්ධව සම්මන්ත්‍රණය පවා පවත්වාගෙන යනවා. ගණ දෙවියන්ගෙන් ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න ක්‍රමය අප සතුව පවතින බව පවසා මුදල් අයකරමින් සම්මන්ත්‍රණ පවත්වනවා.

Feng Shui භාණ්ඩ විකුණා ලබාගන්නා ලාභයට වඩා වැඩි ලාභයක්  සම්මන්ත්‍රණ පවත්වා ගෙන යෑම හරහා ඒ අයට උපයා ගැනීමට පුළුවන්. දරු පල ලබා ගන්න, පිරිමි දරුවකු ලබාගන්න හැකි බව පවසා මිනිසුන්ව සම්මන්ත්‍රණ සඳහා ආකර්ෂණය කරගනු ලබනවා. පිරිමි දරුවෙක් ලබා ගන්න සිතාගෙන මෙම සම්මන්ත්‍රණයට සහභාගි වූ කෙනකු දවසක් මට හමුවුණා. පිරිමි දරු උපතක් ලබා ගන්න නම් කොළ පාට කොට්ට උරයක් සකස් කරගෙන ඒ මත නිදියන්න කියලා තමයි ඇයට සම්මන්ත්‍රණයේ දී කියා තිබෙන්නේ. ඒ වගේ දේවල් විශ්වාස කරන අයත් සිටිනවා. ඒ වගේම තමන්ගේ ස්වාමියා ගෙන්වා දෙන බවටත් එවැනි සම්මන්ත්‍රණවල කියනවා. අතහැර ගිය කෙනෙක් නැවත ගෙන්වා දෙනවා වගේ දේවල් සහ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන බව පවසනවා.

මිනිස්සුන්ගෙ වැරදි විශ්වාස නිසා මෙවැනි මිනිස්සුන්ට රැවටෙනවා. හැමෝටම සිතෙනවා මොනවා හරි කරලා දියුණු වෙන්න. ඒ නිසාම තමන්ගේ දක්ෂකම, බුද්ධිය හෝ මහන්සිය යොදවා මුදල් ඉපයීම සිදු කරනවාට වඩා ලේසියෙන් පහසුවෙන් මුදල් උපයා ගත හැකි ක්‍රම සොයා යනවා. මිථ්‍යා දේවල් පිළිබඳව මිනිසුන් විශ්වාස කරනවා. අපේ රටේ මිනිස්සු මිථ්‍යා  වගේ දේවල් විශ්වාස කරන්නේ ඇබ්බැහි වීමකින් යුතුවයි. අපේ රටේ රාජ්‍ය පාලකයාගේ පටන් ගන්න බහුතර පිරිසක් මිථ්‍යාව පස්සේ දුවනවා.

ලංකාවෙ මිනිස්සු චීනයෙන් පැමිණි Feng Shui වගේ සංකල්පයකට රැවටෙන්න හේතුව මොකක්ද?  මා විසින් යොමුකළ ප්‍රශ්නයට එතුමා ලබා දෙන්නේ මෙවන් පිළිතුරක්.

“අලුත් දෙයක් නිසා, අලුත් සංකල්පයක් නිසා රැල්ලට මිනිස්සු මේ ගැන විශ්වාස කළා වෙන්න පුළුවන්. අපේ රටේ විතරක් නෙවෙයි, ඉන්දියාව වගේ රටවල පවා Feng Shui භාණ්ඩ අලෙවි කරනවා සහ ඒ පිළිබඳව විශ්වාස කරනවා. මිථ්‍යාව මත පදනම්ව මුදු පලඳින, මැණික් ආභරණ පලඳින වගේ දේවල් අතීතයේ රජවරුන්ගේ කාලයේ පටන් සිදු කරලා තිබෙනවා. සමහර විට වෙනත් රටකින් පැමිණි සංකල්පයක් නිසාද දන්නේ නැහැ මිනිස්සු Feng Shui පිළිබඳව මේ තරම් විශ්වාසය කරන්නේ.”

Feng Shui කලාව මේ තරම් මිනිසුන් විශ්වාස කරන්නේ ඒවායේ භාණ්ඩවල පවතින විසිතුරු බව හා අලංකාර බව නිසාද? මගේ එම ප්‍රශ්නයට එතුමා මෙලෙස අදහස් දැක්වූවා.

ඔව් ඒ වගේ දෙයක් නිසා වෙන්න පුළුවන්. ඕන කෙනෙක් විසිතුරු දේවල්වලට කැමැතියි. ඒවා ගෙවල්වල තියන් ඉන්නත් කැමැතියි. ලංකාව තුළ නම් අතීත රජවරුන් පවා වාලම්පුරි කියන දේ හොයාගෙන ගිහින් තිබෙනවා. සමහර ගෙවල්වල පිළිම තබාගෙන ඉන්නවා වාසනාවක් ලැබෙනවා වගේ දෙයක් විශ්වාස කරගෙන. ඕනම බෞද්ධ ආගමික කෙනෙක්ගේ ගෙදරක බුදු පිළිමයක් තිබෙනවා, ඒවාට වන්දනාමාන කරනවා. නමුත් වාලම්පුරි, Feng Shui විසිතුරු භාණ්ඩ ඒ වගේ දේවල් තබාගන්නේ වාසනාව වගේ දෙයක් ලැබෙනවා යන විශ්වාසය මත වෙන්න පුළුවන්.”

Feng Shui ශාස්ත්‍රිය තුළ ගණ දෙවියන්ව යොදාගෙන තිබෙනවා. ඒ වගේම දෙවියන් යාළු කරලා විභාග සමත් කරනවා. ප්‍රාර්ථනා ඉෂ්ට කරනවා වගේ දේවල් තිබෙනවා.  ඒ සම්බන්ධව ඔබේ අදහස කුමක්ද?

‘බුද්ධියට අධිපති දෙවියන් ලෙස ගණ දෙවියන්ව මිනිසුන් විසින් හඳුන්වනවා. ඒ නිසා ගණ දෙවියන්ව යාළු කරගෙන ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ වැනි විභාග සමත් වීමට උත්සාහ කරනවා. ගණ දෙවි පූජා පවත්වනවා. සරස්වතී පූජා පවත්වනවා. බුද්ධිය ලබා දෙන්න කියලා සහ දරුවාට ඉගෙනගන්න පුළුවන් කියලා තමයි ඒ දේවල් කරන්න යොමුවෙන්නේ. “පින් ඇති ගණ දෙවි නුවණක් දෙන්නේ” කියලා කවියකුත් තිබෙනවා. ඒ වගේ දේවල්වලින් මිනිස්සු නුවණ ලබා දෙන දෙවියන් ලෙස ගණ දෙවියන්ව විශ්වාසය කරනවා.

ගණ දෙවියන් ලෙස දෙවියන් කෙනකු ඉන්නේ හින්දු ආගම තුළයි. වර්තමානයේ දී හුඟක් බෞද්ධ අය ගණ දෙවියන්ව විශ්වාසය කරනවා. සමහර මවුපියන් දරුවන්ගේ අධ්‍යාපනය සහ බුද්ධිය ලබා ගැනීම සඳහා ගණ දෙවි පිළිම නිවෙස්වල තබා තිබෙනවා. දරුවන් ලවා ඒවාට වන්දනාමාන කරනවා. ගණ දෙවියෝ කියන්නේ අලි හිසක් සහිත කෙනෙක්. නමුත් බුද්ධියෙන් උසස් සත්ත්වයා බවට පත්වන්නේ මනුෂ්‍යයා. මනුෂ්‍යයකුගේ බුද්ධිය අභිභවා යන්න හෝ උසස් බුද්ධියක් සහිත වෙනත් ජීවියෙක් නෑ. මිනිසාගේ බුද්ධිය සම්බන්ධව කිසිදු තර්කයකින් තොරව එය අපට පිළිගන්න පුළුවන්. නමුත් අලි හිසක් සහිත දේව රූපයක් තිබෙන පුද්ගලයකුගෙන් බුද්ධිය ඉල්ලාගෙන සිටීම කොතරම් දුරට සත්‍යද?”

Feng Shui ශාස්ත්‍රය බුද්ධාගම සමඟ සම්බන්ධ කරගැනීම සහ වැඩමුළු පැවැත්වීම සිදු කරන්නේ Feng Shui සම්බන්ධව විශ්වාසක් මිනිස්සු තුළ ඇති කිරීම සඳහාද?

 ඒ වගේ දේවල් කරන්නේ ආගමික විශ්වාසයක් ඇති කිරීමට නෙවෙයි. නමුත් මෙම සම්මන්ත්‍රණ සිදු කරන අය ඒවා බුද්ධ ධර්මයේ කොටසක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරනවා. ඒ වැඩසටහන් බුදුන්ට නමස්කාර කරන දෙයක් සහ බෞද්ධ චාරිත්‍රවලට අනුකූල දෙයක් බව ඔප්පු කිරීම සදහා තමයි මල් පූජා කිරීම්, බුද්ධ ප්‍රතිමා තබාගෙන සම්මන්ත්‍රණ පැවැත්වීම ඒ වගේ දේවල් කරන්නේ. බුදුන් වහන්සේගෙන් ආශීර්වාද ලබාගන්නවා වගේ දෙයක් මිනිසුන්ට ඔප්පු කරන්න වෙන්නත් පුළුවන්. නමුත් බුදු දහම තුළ ආශීර්වාදයක් ලබා ගන්නවා කියලා දෙයක් නැහැ. ඒවා මිනිස්සු අතර පවතින වැරදි විශ්වාස. බුදුන්ට පහන් පත්තු කරලා දෙයක් කිව්වම මිනිස්සු සිතනවා මේක චාරිත්‍රයක් වගේ කියලා. ඒ නිසා ඒ වගේ දේවල් Feng Shui සම්බන්ධව සම්මන්ත්‍රණ පවත්වන අය යොදාගන්නවා.”

Feng Shui කලාව කරන අය මැජික් සහ හඳුන්කූරු පත්තු කිරීම් වගේ දේවල් කිරීම පිළිබඳව ඔහු දැක්වූයේ මෙවන් අදහසක්.

“හඳුන්කූරු පත්තු කරනවා වගේ දේවල් පල්ලිවල, පන්සල්වල සහ සංස්කෘතික අංගවලට එකතු වෙලා තිබෙනවා. හඳුන්කූරු පත්තු කරන්න වගේ දේවල් මුලින්ම ආරම්භ කරන්න ඇත්තේ චීනයේ. මොකද චීන රටේ තමයි මුලින්ම වෙඩි බෙහෙත් නිෂ්පාදන කර ලෝකයට හඳුන්වා දුන්නේ. වර්තමානය වන විට හ¾දුන්කූරු සමඟ වැඳුම් පිදුම් කිරීම බොහෝ රටවල්වල ව්‍යාප්ත වෙලා තිබෙනවා. සම්ප්‍රදායන් ලෙස ආගම්වලට පවා එකතු වෙලා තිබෙනවා.”

Feng Shui ගෝලීය ආගමක් වැනි දෙයක් බව පෙන්වීම සඳහාද එවැනි දේවල් භාවිත කරන්නේ?

‘විවිධ රටවල විවිධ සංස්කෘතීන් පවතින විදේශ සංචාරකයන් අතීතයේ පටන් චිත්තාකර්ෂණීය දේවල් එක් රටක සිට තවත් රටකට රැගෙන ගියා. නමුත් බි්‍රතාන්‍යය වැනි රටක් ගත්තම එම රටේ ගෘහ නිර්මාණ ශිල්පීය මූලධර්මවලට බාධා නොවන ආකාරයට Feng Shui කලාවෙ දේවල් ඇතුළත් කර ගෘහ නිර්මාණ සිදු කරනවා. ගෘහ නිර්මාණයක් සිදු කරන්නේ තම සේවාදායකයාගේ ඉල්ලීම පරිදියි. නමුත් සේවාදායකයා ඉල්ලුම් කරන දේ සිදු කරන්නේ එම ගෘහ නිර්මාණ ශිල්පයට සහ එහි මූලධර්මවලට ගැළපෙනවානම් සහ ප්‍රශ්නයක් ඇති නොවේ නම් පමණය.

Feng Shui ශිල්පය ගෘහ නිර්මාණ සඳහා බොහෝවිට ගෘහයේ අභ්‍යන්තර අලංකාර කිරීමට භාවිත කරනවා. ලංකාව තුළ ගෘහ නිර්මාණ ශිල්පියෙක් නිවෙසක සැලැස්මක් හදලා දුන්නට පස්සේ නිවෙසේ අයිතිකාරයා එය වාස්තු විද්‍යාඥයෙක් ළඟට රැගෙන ගිය විට වාස්තු විද්‍යාඥයා මෙම සැලැස්මට අනුව ‍ෙදාර තැබීමට තිබෙන දිශාව වැරදියි, කුස්සිය සැකසීමට තිබෙන ස්ථානය වැරදියි ලෙස කිව්වොත් නිවෙසේ අයිතිකාරයා ගෘහ නිර්මාණ ශිල්පියා ලවා නිවාසයේ සැලසුම වෙනස් කිරීමට උත්සාහ කරනවා. ගෘහ නිර්මාණ ශිල්පයට අනුව එම වෙනස් කිරීම මඟින් හානියක් සිදු නොවේ නම් ගෘහ නිර්මාණ ශිල්පියා විසින් සැලැස්ම වෙනස් කර දෙනවා.

Feng Shui ශාස්ත්‍රය තුළ ගුරුකම් සිදු කිරීම සහ පාන්වලට කොළ දැමීම, තක්කාලි, වැළලීම වැනි ප්‍රසිද්ධ දේවල් තිබෙනවා.

“Feng Shui විතරක් නෙවෙයි, හඳහන් බලනවා, නැකැත් බලනවා වගේ සියලුම දේවල් කිරීමට යොමුවෙන්නේ ගෘහණියන් විසින්. දිනපතා උදේට රූපවාහිනි නාළිකාවල බොහෝ  වෙලාවට පෙන්වන්නේ ජේ‍යාතිෂ වැඩසටහන්. එවැනි වැඩසටහන් අහන්නේ ගෙදර ස්වාමියාවත් දරුවන්වත් නෙවෙයි. ගෘහණිය විසින් තමයි එම වැඩසටහන් නරඹන්නේ. හඳහන් බලනවා වගේ දේවල් කරන්නේ, ඒ අය බොහෝ දුරට ඒ දේවල් විශ්වාස කරනවා. Feng Shui දේවල් විශ්වාස කරන්නෙත් ඒ විධියටමයි. නමුත් කාලයත්, ධනයත් වැය කරගෙන ප්‍රයෝජනයක් නොමැති ක්‍රියාවකට යොමු වෙනවා කියලා ඒ අය හිතන්නේ නෑ.

Feng Shui වැනි මිථ්‍යා විශ්වාස සමාජ ගත කිරීමට ජන මාධ්‍යයේ බලපෑම ගැන මෙහිදී විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. හඳහන් බලන සාස්තර වැනි වැඩසටහන් සිදු කරන්නේ ජනමාධ්‍ය මඟින්. නමුත් ඇත්තටම Feng Shui කියන්නේ චීනයේ භාවිත කරපු අතීත ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමයක් පමණයි. නමුත් එය සමාජගතව ඇත්තේ මිථ්‍යාවක් ලෙසයි. ජනමාධ්‍ය හරහා දිගටම මිථ්‍යාව සම්බන්ධ වැඩසටහන් සිදු කිරීම නිසා මිනිසුන්ට ඒ සඳහා ආකර්ෂණයක් ලැබෙනවා.

වර්තමානයේ වන විට ෆෙන්ෂුයි කලාව වෙළෙඳ ව්‍යාපාරයක් බවට පත් වී තිබෙනවා. මේවා සම්බන්ධ සම්මන්ත්‍රණ පවත්වන අය විශාල ලෙස ලාභ ලබනවා. ඒ වගේම Feng Shui භාණ්ඩ ඉතා අධික මිලකට අලෙවි කරනවා.Feng Shui කලාවත් මිථ්‍යාවත් නිසා ඉදිරි පරම්පරාවට සිදුවන බලපෑම මොන වගේද?

අතීතයේ මිනිස්සුන් මිථ්‍යාදෘෂ්ටිකයන් බවට පත් වුවත් අපිව එයින් මුදා ගත හැකි එකම ක්‍රමය වන්නේ අධ්‍යාපනය ලබා දීමයි. අධ්‍යාපනය හරහා බොහෝදෙනකුට මිථ්‍යාවෙන් මිදෙන්නට පුළුවන්. මිථ්‍යාව බොරුවක් කියලා පිළිගන්න ගුරුවරු ඉන්නවා නම් ඒ අයට ඒ දේවල් ළමයින්ට කියල දෙන්න පුළුවන්. අපේ චාරිත්‍ර ගැන කතා කරද්දී මේ වගේ චාරිත්‍ර නැහැ මේ වගේ දේවල් විශ්වාස කරන්න එපා කියලා කියන්න පුළුවන්.

ශිෂ්‍යත්වය විභාගය සමත් කර ගැනීම සඳහා දරුවන් සමඟින් පූජාවක් පැවැත්වූ ගුරුවරියක් සහ විදුහල්පතිවරයෙක් සම්බන්ධව ඇති ලිපියක් මා දැක්කා. මිථ්‍යාව විශ්වාස කරන්න සමහර ළමයි විභාග අංකය ලියලා බෝධියේ එල්ලනවා මම දැකලා තිබෙනවා. කුඩා කාලයේ මොළයට ලැබෙන දේවල් තමයි ඒ අය ලොකු වුණාමත් කරන්නේ. කුඩා අවධියේ දී මේ දේවල් පිළිබඳ හරි දේවල් කියලා දෙන්න ඕනෑ.”

සමාජවිද්‍යා පර්යේෂක ඒ.ඩී. ගුණසේකර

රමෝද් ජයවර්ධන