කුමන්ත්‍රණකාරී සිදුවීම් මැද රජය තවදුරටත්  මහජන අප්‍රසාදයට

0
192

2022ක් වූ මැයි මස 16 වැනි සඳු දින පෙ.ව. 9.42ට බැස යන වෙසක් සඳ පූර්ණ ග්‍රහණයකට හසුවේ. මෙය ලෝකායන කේන්දරයේ වෘශ්චික රාශිය තුළ 1˚ 12” දී වීසා නැකැතේ සිවුවන පාදයෙහි සිදුවන බව පෙනේ. මෙම අවස්ථාවෙහි පරිඝ යෝගයද භවකරණයද කුජ හෝරාවද කිවි පංචම කාල හෝරාවද යෙදේ. සඳු වෘශ්චික රාශියෙහි නීච වෙමින් යෙදෙන මෙම ග්‍රහණය පොදුවේ සියලු ලෝ වැසියන්ටම බලපෑමක් ඇති කිරීමට පුළුවන. පොළොවේ සෙවණැල්ල සඳ මතට වැටීම චන්ද්‍රග්‍රහණයක් ලෙස සැලකේ.

මෙම අවස්ථාවේදී තත්කාල ලග්නය ලෙසට මිථුන ලග්නයද වෘෂභ නවාංශකයද පවතී. තත්කාල මිථුන ලග්නයේ රවි බුධ 12 වැන්නේද රාහු එකොළොස්වැන්නේද ගුරු සිකුරු 10 වැන්නේද කුජ ශනි 9 වැන්නේද සඳු 6 වැන්නේද කේතු 5 වැන්නේද ගමන් කරයි. මේෂ ලග්න ලෝකායන කේන්දරයේ මෙය සිදුවනුයේ ලග්නයෙන් 8 වැන්නේය. කුම්භ ලග්න ලංකා කේන්දරය තුළ මෙය රජය නියෝජනය කරන දස වැන්නේ පවතී. මෙම ග්‍රහණය සිදුවන වීසා නැකැත කෘෘර වූ රක්ත වර්ණ පුල්ලිලිංග ත්‍රිපද තේජෝ භූත තාරකා 4කින් යුත් නැකතකි. මෙවැනි අවස්ථාවක එය සිදුවන භාවයද එහි ගමන් ගන්නා ග්‍රහයන්ද දුර්වල වේ. මෙහිදී නීච සඳු දුර්වල වීම විශේෂයෙන් බලපායි. මෙය සිදුවනුයේ ශනි මාරුවෙන් දින 17කට පසුවයි.

ස¾දු චිත්ත කාරක ග්‍රහයෙකි. ජනතා සිතුම් පැතුම් ආකල්පවලට බලපාන ග්‍රහයෙක්ද වෙයි. කාන්තා පක්ෂයටද කාරකයෙක්ද වෙයි. ඒ අනුව ඉදිරි කාලය තුළ කාන්තාවන්ට කරදර, හද කම්පා කරන සිදුවීම් ඇසෙන කාලයක්ද වේ. තවද සඳු ජල කාරකයෙක්ද වෙයි. මෙසේ සඳු දුබල වීම මත ජල ගැලීම්වලට ඉඩප්‍රස්තා පවතින බව අපට පෙන්නුම් කරයි. තවද මෙය වෘශ්චික රාශිය තුළ සිදුවන නිසා අදෘශ්‍යමාන රහස් කුමන්ත්‍රණ, ඇදහිය නොහැකි දේවල්වලටද ඉඩකඩ පවතී. කුම්භ ලග්න ලංකා කේන්දරයේ දසවැන්නේ සිදුවන මෙම ග්‍රහණය හේතුවෙන් රජය තුළ කුමන්ත්‍රණකාරී සිදුවීම් ඇතිවෙමින් විවිධ බාධක පැනනැඟෙමින් යම් යම් අසීරුතා ඇතිවී මහජනතාවගේ අප්‍රසාදයට තවදුරටත් ලක් වීමට පුළුවන.

මැයි 01 වැනි දින ඇතිවූ අර්ධ සූර්යග්‍රහණයත් මෙදින පවතින පූර්ණ චන්ද්‍රග්‍රහණයත් රටේ නායකයන්ට බලපායි. ඇතැම් නායකයන්ට තනතුරු අහිමිවීම්ද පෙනෙන්නට තිබේ. රටේ ආර්ථිකයද අධ්‍යාපනයටද සෞඛ්‍ය ඇතුළු අනෙකුත් කර්මාන්ත ආදියටද මෙමඟින් බලපෑමක් ඇති කරනු ලබයි. ස්වභාවධර්මයෙන් විශ්ව තාරකා මණ්ඩල මඟින් ඇති කරන නොසිතූ විරූ ක්‍රියාකාරකම් නිසා ඉන් වැළකීමට මුළුමහත් ජනතාවම එකා මෙන් ඉඳ තම තමන්ගේ ආගම තුළින් සහනදායී වාතාවරණයක් සලසා ගැනීමට හැකි බවත්  ආරක්ෂාව,  රැකවරණයට හේතුවන බවත් ධර්මයේ පවා සඳහන්ව පවතී.

ජේ‍යාතිෂවේදී

පී.කේ. තරංග කුමාර

කීඹිඇල

077796265