කුජ මීනයට සිංහ ලග්න හිමියන්ට වෙනසක්

0
701

කුජ ග්‍රහයා 2022 වසරෙහි මැයි 12 වැනිදා පෙ.ව. 9.33ට මීන රාශියට පිවිසෙන අතර ජුනි 27 වැනිදා පෙ.ව. 5.39 වන තෙක්ම මීන රාශිය තුළ හැසිරේ. කුජ ග්‍රහයාගේ මෙම මීන රාශි ගෝචරය වඩාත්ම තීරණාත්මක වන්නේ සිංහ ලග්න හිමියන්ටය.

එනම් සිංහ ලග්න හිමියන්ට 2022 වසරෙහි මැයි 17 වැනිදාත් 2022 වසරෙහි ජුනි 27 වැනිදාත් අතර කාලසීමාව තුළ බොහෝ කලකට පසු වෙනසක් පෙන්නුම් කරනු ඇත. මෙම වෙනස අලුත් ආරංචියක් ලෙස හෝ අලුත් සිද්ධියක් ලෙස ක්‍රියාත්මක විය හැකිය.

කුජ ග්‍රහයාගේ මීන රාශි චලිතයට අනුව මිථුන ලග්න හිමියන්ට 2022 වසරෙහි මැයි 17 වැනිදාත් ජුනි 27 වැනිදාත් අතර කාලසීමාව තුළ රැකියාවට සුළු වශයෙන් හෝ බාධා ඇති වීමට ඉඩකඩ පවතින බව පෙනේ. එම නිසා එම කාලසීමාව තුළ ඔවුන් ප්‍රධානීන් සමඟ මතගැටුම් ආදියට නොයමින් රැකියා ස්ථානය තුළ ඉතා පරික්ෂාකාරීව කාලය ගත කිරීම නුවණට හුරුය.

2022 වසරෙහි මැයි 18 වැනිදා ප.ව. 12.05ට කුජ සහ නැප්චූන් යන ග්‍රහයන් යුද වදියි. මෙම ග්‍රහ යුද්ධයෙන් කුජ පරදවා නැප්චූන් ජය ගනියි. මෙම ග්‍රහ යුද්ධයට කුජ සම්බන්ධ වීමට අනුව 2022 වසරෙහි මැයි 18 ආශ්‍රිතව සහ 2022 වසරෙහි මැයි 18 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ රිය අනතුරු සහ වෙනත් හදිසි අනතුරුවල වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් ගමන් බිමන් යෑම ඇතුළු සෑම කටයුත්තකදීම වෙනදාට වඩා පරික්ෂාකාරීව කාලය ගත කළ යුතුයි. තවද ග්‍රහ යුද්ධයට මහ සයුර නියෝජනය කරන නැප්චූන් සම්බන්ධ වීමට අනුව 2022 වසරෙහි මැයි 18 ආශ්‍රිත දිනවල සහ 2022 වසරෙහි මැයි 18 වැනිදායින් පසුව එළැඹෙන එම දින කිහිපය තුළ මහ සයුර රළු වීමටද මහ සයුර තුළ ප්‍රබල භූ කම්පා ඇති වීමටද ලෝක මට්ටමෙන් සුළි කුණාටු ආදිය ඇතිවීමටද ගොඩබිම මෙන්ම මුහුදෙහිද ඇති වන ප්‍රබල කාලගුණික විපර්යාසවලටද විශේෂ ඉඩකඩක් නිර්මාණය වන බව පෙනේ. එම නිසා ධීවරයන් සහ මුහුද ආශ්‍රිතව රැකියාවක් කරන වෙනත් අය 2022 වසරෙහි මැයි 18 ආශ්‍රිතව සහ 2022 වසරෙහි මැයි 18 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ තම ආරක්ෂාව පිළිබඳව වෙනදාට වඩා විමසිලිමත් වීම නුවණට හුරුය.

විශේෂයෙන් කුජ සහ නැප්චූන් අතර ග්‍රහ යුද්ධය සිදුවන තත්කාල කේන්ද්‍ර සටහනට අනුවද  2022 වසරෙහි මැයි 18 ආශ්‍රිතව සහ 2022 වසරෙහි මැයි 18 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ රටට අසුබ ආරංචියක් ලැබීමක් පෙන්නුම් කරන අතර කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රය සම්බන්ධ අසුබ ආරංචිවලටද ජල විපත්වලටද ආගමික අංශ සම්බන්ධ අසුබ ආරංචිවලටද ඉඩකඩ පවතින බව පෙනේ. මීට කලින් ලිපියෙන්ද සඳහන් කළ පරිදිම 2022 වසරෙහි මැයි 16 වැනිදා සිදුවන පූර්ණ චන්ද්‍රග්‍රහණයට අනුව 2022 වසරෙහි මැයි 16 වැනිදායින් පසුව එළැඹෙන සති 2 තුළ ජල විපත් සහ රහස් කුමන්ත්‍රණ ආදිය පෙන්නුම් කෙරේ. තවද මෙම චන්ද්‍රග්‍රහණයට අනුව 2022 වසරෙහි මැයි 16 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ ලෝක මට්ටමෙන් ප්‍රසිද්ධ කාන්තාවන්ට ඇති වන අපලදායක තත්ත්වය පෙන්නුම් කෙරේ.

පෙරදිද සඳහන් කළ පරිදිම රවි ග්‍රහයා 2022 වසරෙහි මැයි 15 වැනිදා පෙ.ව. 5.29ට වෘෂභ රාශියට පිවිසි නිසා රවි ග්‍රහයාගේ මෙම වෘෂභ රාශි ගෝචරයට අනුව 2022 වසරෙහි මැයි 15 වැනිදා ආශ්‍රිතව සහ 2022 වසරෙහි මැයි 15 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ ජාතික මට්ටමේ ජනතා නියෝජිතයන්ට ඇති වන ඉතා තදබල අපලදායක තත්ත්වය පෙන්නුම් කෙරේ. මීට අමතර ලෙස 2022 වසරෙහි මැයි 15 වැනිදා ආශ්‍රිතව සහ 2022 වසරෙහි මැයි 15 වැනිදායින් පසුව එළැඹෙන එම දින කිහිපය තුළ පාර්ලිමේන්තුව තුළ උග්‍ර මත ගැටුම් ඇති වීමට හෝ පාර්ලිමේන්තුව තුළ ඇති වන වෙනත් ගැටුම්කාරී තත්ත්වලට ඉඩකඩ ඇත.

2022 වසරෙහි මැයි 23 වැනිදා රාත්‍රි 8.27ට සිකුරු ග්‍රහයා මේෂ රාශියට පිවිසෙයි. මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙමු.

ප්‍රවීණ ජේ‍යාතිර්වේදී

පාරින්ද්‍ර සුගතදාස

0714410906