එක් අතක් අර්ධ වශයෙන්  පණ නැතිවූ රෝගියකු  විස්මිත ලෙස  සුව පත්වූ අයුරු

0
85

මතුපිටින් බොහෝ අය රෝගී බව නොපෙන්වති. එහෙත් ඕනෑම කෙනකුට ලෙඩක් දුකක් හැදීම ස්වභාවයයි. පුරාණ ඉසිවරු අනුදැන වදාළ, කාලාන්තරයක් මුළුල්ලේ භාවනාවෙන් ලබාගත් අධ්‍යාත්මික ශක්තියත්, නිසා වෙදකමට එක්වූ දෑ බොහෝය. මහා වනාන්තරවල තපස් දම් රකිමින්, තමන්ට වැලඳුණු රෝගාබාධවලට ඔවුහු අවට පරිසරයෙන් සාරවත් දුර්ලභ ඔසු සොයාගෙන වෙදකම් කර ගත්හ. ඒ දැනුම කාලයක් මුළුල්ලේ අත්හදා බැලීමෙන් පෝෂණය විය. එනිසාම ඕනෑම රෝගයකට නිවැරදිව ප්‍රතිකාර කළ හැකි දැනුමින් මේ හෙළ දෙරණ පෝෂණය විය.

ශරීරය පරීක්‍ෂා කර බලන ඉසිවර දැනුමැති, අත්ගුණය ඇති වෛද්‍යවරු නාඩි පරීක්‍ෂාව මඟින් මේ රෝගාබාධ විනිවිද දකියි. ඇඟිලි තුඩු නෙරපා සිරුරේ නියමිත ස්ථාන ස්පර්ශ කළ විට, ලේ ගමනය වෙන හැටි මෙන්ම ඒ හරහා රෝගියා කුමන රෝගයෙන් වැඩියෙන්ම පෙළෙනවද කියාද හඳුනා ගැනෙයි.

පංච පරීක්‍ෂා පොතේ එන මෙම ශ්ලෝකය මඟින් කියාපාන්නක් මෙසේය.

“ස්නිග්ධ ශ්‍යාමලංයාතො ශ්ලේෂ්මා වාත සමුද්භවම්,

ශ්වේතධාරො මහා සෞඛ්‍යං, පීතධාරා මහා ජවරං

දීර්ඝ රෝගී ක්‍රිෂ්ණධාරා නජීවතී”

මෙහි අරුත් ගන්වන්නේ…. සිනිඳු වූද, අඳුරු වූයේද එසේ වන්නේ සෙම හා වාත ගතිය එක්වීම නිසා කියලාය. සුදු පැහැ වූයේ නම් නිරෝගී බවය. කහ පැහැ වූයේ නම් මහා ජ්වරයක් හෙවත් උදර රෝගයක්ය. රතු පැහැ වූයේ නම් කල්ගිය රෝගයක් වන්නේය. කළු පැහැ වූයේ නම් ජීවත් වීමක් සිදු නොවන්නේය යන්නය.

බොහෝ විට නාස හා බැඳුණු ස්නායු ගත ක්‍රියාකාරී තත්ත්වයන් හොඳින් හඳුනාගත හැකි වන්නේ ශරීරයේ එක් අංශයක් පණ නැති වීම තුළින් වඩාත් වෙනසක් වුවහොත්ය.

කෙනකුගේ අතැඟිලි හිරි වැටී, ඒ අතින් යම් දෙයක් ඔසවන්න බැරි නම්, බරක් දරා ගන්නට බැරි නම් නාඩි පරීක්‍ෂාවෙන් ඊට හේතුව අල්ලා ගත හැකියි. පළපුරුදු, අත්ගුණය ඇති වෛද්‍යවරයකු නිවැරදි පරීක්‍ෂාවකින් රෝගය හට ගත්තේ කොතැනදැයි හඳුනා ගනී.

වායු ඇඟට රස්න වීනම් පමාවකින් ලෙඩ ගුණ වේ

වායු ඇඟට බරව ගියොත් සියලු ගතම රුජාව වේ

වායු ඇඟට සීත වීනම් එහෙනම් ලෙඩ ඉදිරි නො වේ

මේ සුබාව වැටෙන වාත නාඩි දුටොත් ලෙඩ ගුණ වේ

“වරයෝග රත්නාකරයේ” නාඩි විධි චිකිත්සාවේ එසේ සඳහන් වන්නේ නිකමට නොවේ. පළපුරුදු දැනුමැති වෛද්‍යවරයාට අර ඉහත කී අතක ස්නායු දුර්වල වී තිබුණු තත්ත්වය නාඩි හරහා එකී රෝග නිදාන තත්ත්වය සොයාගත හැකියි.

අප වෙත පැමිණි එක්තරා රෝගියකුට තිබුණේ ඉහත කී ආකාරයට පෑනක් අතින් අල්ලා ලියන්නට බැරි, කෝප්පයකින් තේ ටිකක් බොන්නට බැරි, එක් අතක් පෙර පරිදි ඔසවා වැඩ කර ගන්න බැරි තත්ත්වයකි. මෙය අර්ධ වශයෙන් “අත පණ නැතිවූ තත්ත්වයකි” ඔහු මුල් අවස්ථාවේදීම අප වෙත පැමිණි නිසා වාසනාවන්තයෙක් වූහ. ඔහු කලින් සිතලා තිබුණේ වාත රෝගයක් නිසා එසේ වූවා කියලාය.

රෝගියා හොඳින් පරීක්‍ෂා කර නාඩි හා ස්නායුගත රෝගී තත්ත්වය හඳුනා ගත හැකි විය. සෙම් නාඩිය, පිත් නාඩිය හෙවත් ප්‍රාණ නාඩිය හා වාත නාඩිය නිරෝගී කරවන ඔසු ගැල්වීම හා සම්බාහනය මඟින් ඔහුට පූර්ණ සුවය ලබා දීමට හැකි වීම සතුටකි.

වෛද්‍යාචාර්ය,

ජයන්ත බණ්ඩාර

අංකුඹුර,

රාමකොටුව

072-4464957

071-6080849

 සුලක්ඛන ජයවර්ධන