ඇමරිකාවට ආපු ඉතාලි වෙළෙන්දන්ව කපලා කොටලා මැරුවේ කවුද?

0
595

මීට වසර 104කට පමණ පෙර එනම් 1918 කාලයේදී ඇමෙරිකාවේ ලුසියානාවල නිව් ඔර්ලින්ස් නගරයේ කවුරුත් නොදැකපු මිනිසෙක් පොරවක් අතැතිව මිනිසුන් ඝාතනය කළා. ඔහු පුරා වසරකට වඩා කාලයක් නිව් ඔර්ලින්ස් නගරය බිය වද්දාගෙන මිනිසුන් ඝාතනය කරමින් කාලය ගත කළා. මේ කාලයේදී ඇමෙරිකාවේ නිව් ඔර්ලින්ස් නගරය අද මෙන් දියුණු නැහැ. එහි ජනගහනයද අද මෙන් නොව ඉතාමත් අඩු පිරිසකුයි ජීවත් වුණේ. හැමෝම දන්නවනේ ඇමෙරිකාව කිව්වම එක ජාතියක්, එක ආගමක්, එක භාෂාවක් නැහැ. යුරෝපයෙන්, අප්‍රිකාවෙන්, ආසියාවෙන් හැම තැනම ඉන්න මිනිසුන්ගෙ එකතුවක් තමා ඇමෙරිකාව ලෙස හඳුන්වන්නෙ. 1918 මෙම ඝාතනයන් සිදු වීමට වසර 200කට පමණ පෙර එනම් 1718දී තමා නිව් ඔර්ලින්ස් කියන ප්‍රදේශය කුඩා නගරයක් බවට පත් වූයේ.

ඒ වගේම මේ කාලයේ ඇමෙරිකාව තුළ සිවිල් යුද්ධයක් ඇති වී තිබුණා. එම අරගලය 1800 අගභාගය වෙනකොට යුරෝපීයන් එළවා දමා ඇමෙරිකාව නිදහස් රටක් බවට පත් කරගන්නවා. ඉතින් මේ නිදහස් රට විවිධ ජාතීන් විසූ නිසා ඔවුන් විවිධාකාරයෙන් ඇමෙරිකාව දියුණු කිරීම සඳහා සහයෝගය දැක්වූවා. ඒ ජාතීන් අතරින් විශේෂ තැනක් ගැනීමට ඉතාලියේ සිට සංක්‍රමණය වූ මිනිසුන්ට හැකියාව ලැබුණා.

මක් නිසාද ඇමෙරිකාව තුළ සිටි වෙළෙඳුන්ගෙන් බොහොමයක් ඉතාලි සංක්‍රමණිකයන් වූ නිසායි. ඇමෙරිකාව වෙළෙඳාම් අතින් ඉහළ නංවාලීමට ලොකු දායකත්වයක් දැක්වූ නිසා අද වනවිට ඉතාලි ජාතිකයන් ඇමෙරිකාවේ විශේෂ තැනක් අරන් තියෙනවා. ඒ වගේම මතක් කළ යුතුයි එවැනි සාධාරණ වෙළෙඳුන් අතරේ අසාධාරණයෙන් සල්ලි හම්බ කරපු ඉතාලි-ඇමෙරිකානු මාෆියා සංවිධාන පවා බිහි වී තිබුණා.

ඉතින් ඒ කොහොම වුණත් අද කතාවට ඉතාලි ජාතිකයන්ව සම්බන්ධ වෙන්නෙ කතාවෙ සිටින  ඝාතකයාගේ ගොදුරු සියල්ලක්ම පාහේ ඉතාලියේ සිට සංක්‍රමණය වූ ඇමෙරිකානු වෙළෙඳුන් වූ නිසායි.

1918 මැයි 23 දින ඉතාලියේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූ ජෝසප් මැගියෝ තමා පොරොවක් අතින් ගත් ඒයඥ ර්චදගේ පළමු ගොදුර වුණේ. ඔහු නගරයේ සිටි සිල්ලර වෙළෙන්දෙක්. සමහරෙක්ට සාධාරණ වෙළෙඳ මහතකු වුවත් ඔහුගේද මුදල් සම්බන්ධව යම් කෑදරකමක් නොතිබුණාම නොවේ.

1918 මැයි මාසයෙ 23 ලබන්නට මොහොතක් තිබියදී මධ්‍යම රාත්‍රියේදී ඝාතකයා ඔහුගේ නිවෙසට ඇතුළු වීමට උත්සාහ දැරූ අතර ඔහු මැගියෝගෙ නිවෙසෙ පහළ මහලයේ තිබූ වෙළෙඳසලේ පිටුපස ‍ෙදාර කඩාගෙන ඇතුළට පැමිණෙනවා. මේ බවක් මැගියෝ දැන සිටියේ නෑ. ඔහු සහ බිරිය ගැඹුරු නින්දකයි හිටියේ. මෙලෙස වෙළෙඳසල තුළට පැමිණි ඝාතකයා ඉහළ මහලයේ සිටින මැගියෝ යුවළ වෙත ළං වුණා. එදා දිනයේදී වැඩ කරලා මහන්සි වී නිදාගෙන සිටිය මැගියෝ දෙපළ ඝාතනය කිරීමට මේ නිවෙසට පැමිණි නාඳුනන පුද්ගලයා සමත් වෙනවා. ඔහු පැමිණියේ ඔහුගේ ඉදිරි අපරාධ සඳහා භාවිත කරනු ලබන පොරොවත් සමඟයි. ඝාතකයා ප්‍රථමයෙන්ම මැගියෝ මහතාගේ සහ ඔහුගේ බිරියගේ උගුරු දණ්ඩ මුවහත් වූ පොරොවෙන් කපා දැමූ අතර එම අවස්ථාවේ ඔවුන් දෙපළගෙන්ම ලේ විදින්නට පටන් ගත්තා. කතා කරගන්නටද බැරිව ලේ උතුරා යන බෙල්ලට අත තබා අල්ලාගෙන සිටින මැගියෝ යුවළව එදා ඔහු අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබුවා. මැගියෝ යුවළගෙ පණ යන්න කලියෙන්ම ඝාතකයා අතැති පොරොව ඉහළට ඔසවා ජෝසප් මැගියෝගෙ හිස දෙකඩ වෙන ලෙස පහරක් එල්ල කළා. පොරෝ පහරේ මුවහත නිසාම ජෝසප් මැගියෝගෙ හිස පළු දෙකකට වෙන් වූවා. මැගියෝගෙ බිරියටත් ඝාතකයා විසින් හිසට වැරෙන් පොරො පහරක් ගැසූ අතර ඇයද එතැනම මිය ගියා. ඉතින් මෙලෙස 1918දී නිව් ඔර්ලින්ස්  නගරය බිය වැද්දවූ axe manහෙවත් පොරෝ ඝාතකයා ඔහුගේ පළමු ගොදුර සාර්ථකව දඩයම් කිරීමට සමත්කම් දැක්වූවා.

මැගියෝ දෙපළව ඝාතනය කළ පසුව ඒ සැණින් ඝාතකයා මැගියෝ නිවෙසින් පිටව ගියේ නැහැ. ඔහු මැගියෝ නිවෙසට පැමිණෙන විට ඇඳගෙන ආව ඇ¾දුම ගලවා දමා අලුත් ඇඳුමක් පැලඳ නිවෙසේ පහළ මහලයට ගොස් නිවෙසට පැමිණි පිටුපස ‍ෙදාරින්ම පිටව ගොස් තිබෙනවා.

උදෑසන වන තෙක් නිවෙස තුළ සිදු වූ භයානක දෙය ගැන නගරයේ කවුරුත් දැන සිටියෙ නැහැ. උදෑසන උදා වුවත් මැගියෝ පවුල වෙනදා මෙන් වෙළෙඳසල විවෘත කර තිබුණේ නැහැ. එම හේතුව නිසා භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයන් කිහිපදෙනකු හැරී ගියත් ඔවුන්ගෙ ළඟම හිතවතෙක් කිහිප වතාවක්ම පැමිණි අතර මැගියෝ පවුල අවදි වී නොසිටි නිසාත් ඔහුට සැකයක් පහළ වූ නිසාත් පිටුපස ‍ෙදාර පැත්තට ගිය විට දොර විවෘත වී තිබෙනු දකිනවා. ඔහු තම මිතුරාගේ නිවෙස තුළට ඇතුළු වූ පසුව තම මිතුරා වන මැගියෝට සහ ඔහුගේ බිරියට සිදු වී තිබෙන දේ දැක කම්පනයට පත් වූ අතර වහාම ක්‍රියාත්මක වූ ඔහු පොලිසියට මේ බව දැනුම් දෙන්නෙ මෙය සිදු කළ අපරාධකරු කෙලෙස හෝ කොටු කරගැනීමේ අරමුණෙනුයි.

නිව් ඔර්ලින්ස් නගරයේ පොලිසියේ මහත්වරු අපරාධය සිදු වූ ස්ථානයට පැමිණීමට මඳක් ප්‍රමාද වුවද ඔවුන් පැමිණි විගසින් අපරාධ ස්ථානය පරීක්ෂා කිරීම ආරම්භ කළ අතර අවට ප්‍රදේශ සෝදිසි කිරීම සඳහා භට පිරිස් පිටත් කර යවන ලදී. පැය ගණනාවක් සෝදිසි කළද කිසිම සාක්ෂියක් සොයාගැනීමට පොලිසිය අපොහොසත් වූ හෙයින් ඔවුන්ගේ පරීක්ෂණ අවසානයේදී මැගියෝ දෙපළ ජීවත් වූ නිවෙස සහ ඔවුන්ගේ වෙළෙඳසල මංකොල්ලකෑ ස්ථානයක් බවට නම් කරන ලදී. නමුත් මැගියෝ නිවෙසට පෙරදා රාත්‍රියේ පැමිණි ඝාතකයා නිවෙස තුළ හෝ වෙළෙඳසලෙන් කිසිම භාණ්ඩයක් රැගෙන ගොස් තිබුණේ නැහැ. ඝාතකයාගේ පළමු ඝාතනය එලෙස අවසන් වී ගියත් ඔහු එතැනින් නැවතුණේ නම් නැහැ. මෙය ඔහු කළ අපරාධවල ආරම්භයක් පමණක් බව එකල සිටි පොලිසියට නොවැටහුණේ ඔවුන් මින් පෙර අනුක්‍රමණික ඝාතකයන් ගැන අත්දැකීමක් නොලබා තිබූ නිසායි.

නිව් ඔර්ලින්ස්වල සිටි මේ axe manනම් අනුක්‍රමික ඝාතකයාගේ ආවේණික ඝාතන රටාව නම් ඔහු ඝාතන සිදු කළේ පොරොවකින් වීමයි. අනෙක් කාරණය ඔහු සිදු කළ සියලුම අපරාධවලට ගොදුරු වූවේ ඉතාලියේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූ වෙළෙඳුන් වීමද විශේෂයි. ඉතින් මෙම මූලික සාධකවලට අමතරව අනුක්‍රමික ඝාතකයෙක් හඳුනාගැනීමට තව සාධක කිහිපයක් තිබෙන නමුත් එදා නිව් ඔර්ලින්ස් ආරක්ෂා කළ නිලධාරීන් හට ඒ දැනුම නොතිබීම නිසා axe manකළ අපරාධයන් ඔවුන් වෙන වෙනම ගොනු කරගත් නිසා අපරාධකරුට එය වාසියක් වී තිබුණා.

ජෝ මැගියෝගේ ඝාතන සිදුවීමෙන් මාසයක් පමණ ගෙවී ගියාට පසුව නැවත වරක් ඝාතකයා ක්‍රියාත්මක වන්නේ ඔහුගේ මීළඟ ගොදුර සොයා යෑමටයි. 1918 වර්ෂයේ ජුනි මස 27 වැනි දින පාන්දර යාමයේ ජීවත්ව සිටින කවුරුත්ම නොදැකපු මේ කෘෘර ඝාතකයා නිව් ඔර්ලින්ස්වලට නැවත පැමිණ ඉතාලි ජාතික වෙළෙදකු වූ ලුවී බෙසුමර් නම් පුද්ගලයා ජීවත් වූ නිවෙස වෙත ගොඩ වෙනවා. පොරෝ ඝාතකයාගේ පෙර ගොදුර මෙන්ම ලුවී බෙසුමර්ද සිල්ලර වෙළෙඳාම් කළ පුද්ගලයෙක් මෙන්ම මුදල්වලට කෑදරකම් දැක්වූ තම දියුණුව පමණක් සිතූ පුද්ගලයෙක්.

අන්ධකාරය වැටී තිබෙන වේලාවෙ අඳුර තුළින්ම කාටත් හොරෙන් නිවෙස තුළට පැමිණි ඝාතකයා වැඩි ශබ්දයක් නැතිව රහසේම ලුවී නිදා සිටි ස්ථානයට පැමිණෙනවා. ඝාතකයා සිතූ පරිදි එදින ලුවී පමණක් නොව එම නිවෙසේ ලුවී සමඟ තව කාන්තාවක් ඔහු අසලින්ම අඩ නිරුවත්ව නිදාගන සිටියා. ලුවී සමඟ සිටි කාන්තාවගේ අවාසනාවට ඝාතකයාට දැන් ලුවීට අමතරව පිටස්තර කාන්තාවක්ද ඝාතනය කිරීමට සිදු වෙනවා. එම නිසා ඔහු එම පිටස්තර කාන්තාවද මරා දැමීමට තීරණය කළ අතර ප්‍රථමයෙන් ඝාතකයා ලුවීව මරා දැමීමට තීරණය කළා.  මෙලෙස පොරොව ඔසවා වැරෙන් ලුවීට එල්ල කළ පොරෝ පහර යාන්තමින් ඔළුව බේරා මෙට්ටෙට වැදුණු නිසා නිදාගෙන හිටපු පිටස්තර කාන්තාව වූ ලුවීගෙ අනියම් බිරිය අවදි වෙනවා. එම නිසා කලබලයට පත් වූ ඝාතකයා ලුවීගෙ අනියම් බිරියට එල්ල කළ පොරෝ පහරද ඔළුව බේරිලා කොට්ටෙටයි වදින්නෙ. ඒත් ඒ පහරින් ඇයගෙ වම් කන කැපී වෙන් වී ගිය නිසා ඇය කන මතින් අත තබාගෙන නිදා සිටි තැනින් පෙරළී බිමට ඇද වැටෙනවා.

ඒ හේතුවෙන් ඔහුට ගොදුර අහිමි වී ගිය නිසා තවත් එතැන රැඳී සිටීමෙන් ඔහුට නීතිමය බාධා එල්ල වන නිසාත් ඝාතකයා එතැනින් පැනලා යනවා. ඉතින් කොහොම වුණත් මේ බව පොලිසියට වාර්තා කරනවා. කිසිම ඝාතනයක් සිදු නොවුවත් මේ සම්බන්ධව වැරැදිකරු සොයා යෑමට පොලිසිය උත්සාහ දැරුවත් කිසි දෙයක් සොයාගන්නට බැරි වෙනවා. පෙර කී පරිදි පොලිසියට මේ කාලයේදී අනුක්‍රමික ඝාතකයන් ගැන නිසි අවබෝධයක් නොමැතිකම හේතුවෙන් පොලිසිය ලොකු වරදක් කරනවා. ඒ තමයි මසකට පෙර සිදු වූ ඝාතනය සහ ලුවීව ඝාතනය කිරීමට තැත් කිරීම යන සිදුවීම් දෙක දෙදෙනෙක් කළ සිද්ධි දෙකක් ලෙස ගණන් ගැනීම. මේ හේතුවෙන් ඔවුන්ට පොරෝ ඝාතකයා සොයා ගැනීමට තිබූ එක් අවස්ථාවක් ගිලිහී යනවා.

ඔහොම කාලය ගෙවීගෙන යනවාත් සමඟ ලුවීගෙ අනියම් බිරිය පොලිසියට පැමිණිල්ලක් දානව ඇයව ඝාතනය කරන්න තැත් කිරීම සම්බන්ධයෙන් ලුවීව සැකයි කියලා. ඉතින් එදා රාත්‍රියෙ ඇයගේ කන අහිමි වූ වෙලාවෙ හිටපු එකම පුද්ගලයා වුණේ ලුවී නිසාත් ලුවීට කිසිම තුවාලයක් නොවී තිබුණු නිසාත් පොලිසිය සියලුම සෝදිසි කිරීම් අතහැරදාලා සම්පූර්ණ සැකය ලුවී වෙතට යොමු කර වරදකරු වශයෙන් ඔහුව මාස 9කට හිරේට නියම කරනවා.

ලුවීගෙ සිද්ධියෙන් මාසයකට ආසන්න කාලයකට පසු ඔහු නැවත වරක් ක්‍රියාත්මක වෙනවා. මෙවරත් පෙර මෙන්ම ගොදුර බවට පත් වන්නෙ ඉතාලි ජාතික සිල්ලර කඩ හිමි තරුණ කාන්තාවක්. එනම් 1918 වර්ෂයේ අගෝස්තු මස 5 වැනි දින 28 හැවිරිදි එඩ්වඩ් ස්නයිඩර් මහත්මියගේ නිවෙස වෙතට ඝාතකයා පැමිණෙනවා. ඇය ඒ වෙනකොට මාස 8ක ගැබිනියක් වී සිටියා. ඇය තනිව නිවෙසේ ජීවත් වූ අතර ඇය නිදා සිටියදී ඝාතකයා පැමිණෙනවා.

අනෙක් පහරදීම්වලදී මෙන්ම ඝාතකයා ඇයගේ නිවෙස තුළට හොර රහසේම ගොස් පොරොවෙන් වැරෙන් පහරක් එල්ල කළත් ස්නයිඩර් මහත්මිය ඒකෙන් බේරෙන්නෙ වාසනාවට වගෙයි. ඒත් වාසනාව හොඳටම හොඳයි කියන්න බැහැ. මොකද ඇයට වැදුණු පහර එක එල්ලෙ හිස දෙබෑ කරගෙන නොගියත් ඇයගේ හිස්කබලෙ අස්ථියක් පුපුරා යන තරමේ දරුණු පහරක් වැදී තිබුණා. පහර එල්ල කිරීමෙන් පසුව ඝාතකයා සුපුරුදු පරිදි එතැනින් ඉවත්ව ගිය අතර ස්නයිඩර් මහත්මිය ජීවත් වීමට තරම් වාසනාවන්ත වුණා. මෙලෙස රෝහල් ගත කරපු ස්නයිඩර් මහත්මිය පහර දීමෙන් දින දෙකකට පසුව රෝහලේදීම නිරෝගී දරුවෙක්ද බිහි කරනවා.

ස්නයිඩර් මහත්මියට එල්ල කළ ප්‍රහාරයෙන් දින 5කට පසුව නැවතත් ඝාතකයා ක්‍රියාත්මක වෙනවා ඔහුගේ පොරොවත් සමඟම. එනම් 1918 වර්ෂයේ අගෝස්තු මස 10 වැනි දින සිල්ලර වෙළෙන්දෙක් වුණු ජෝසෆ් රමානොගේ නිවෙසට ඔහු තම පොරොවත් සමඟ පැමිණෙනවා. ඔහුත් පෙර ගොදුරු මෙන්ම ඉතාලි ජාතිකයෙක්. වයසක පුද්ගලයෙක්‍ වූ ජෝසෆ් තම ලේලියන් දෙදෙනා සමඟ තමා ජීවත් වූයේ. ඉතින් එදින රාත්‍රියේ හැමෝම නිදි අතරේ ඝාතකයා හොරෙන්ම ජෝසෆ්ගේ නිවෙසට ඇතුළු වී ජෝසෆ්ගේ කාමරය වෙත පැමිණෙනවා. කලින් ගොදුරු දෙකක්ම නිකම්ම මඟහැරී ගිය නිසා ඝාතකයා මෙවර ගොදුරට පැන යෑමට හෝ බේරීමට අවස්ථාවක් ලබා නොදෙන බවට සිතා ජෝසෆ්ගේ හිස ප්‍රදේශයට වැරෙන් පහරක් එල්ල කළා. යම්කිසි වස්තුවක් වේගයෙන් ගැටෙන ශබ්දය එහා කාමරයට ඇසුණු නිසාම ජෝසෆ්ගේ එක ලේලියක් ඔහුගේ කාමරය වෙත පැමිණෙනවා.

ඇය ජෝසෆ්ගේ කාමරයට පැමිණෙනවාත් සමඟම ඝාතකයා කාමරයේ තිබූ ජනේලයෙන් පැනලා යනවා. ජෝසෆ්ගේ මේ ලේලිය තමයි පොරෝ ඝාතකයාව සියැසින් දැකපු ජීවත්ව සිටි පළමු කෙනා වූයේ. මීට කලින් කළ පහරදීම් එකකදීවත් කවුරුවත් ඔහුව දැකලා තිබුණෙ නැහැ. හේතුව තමා ඔහුගේ පෙනුම දැකීමට තරම් පහරකෑම්වලට ලක් වූ අයට වෙලාවක් ඉතිරි නොවුණු නිසා. ඉතින් පොරෝ පහර නිසා ජෝසෆ් දරුණු ලෙස තුවාල ලැබුවත් ඒ අවස්ථාවෙම මිය ගියේ නැහැ. ඒත් දින දෙකක් තිස්සෙ පණ අදිමින් සිටි ජෝසෆ් අවසානයේදි මිය යනවා. මෙම නඩුවත් පොලිසිය විසින් සෙවීමට පටන් ගත්තද ඔවුන් තවමත් දැනන් සිටියේ නැහැ මේ පහරදීම් එක පුද්ගලයෙක් විසින් සිදු කළ දෙයක් කියලා. ඔවුන් තවම සිතාගෙන සිටින්නෙ මේ ඝාතන වෙන වෙනම සිදු වූ බවටයි.

ජෝසෆ්ගෙ මිය යෑමෙන් පසුව නිව් ඔර්ලින්ස් නගරවාසීන් තවත් බිය වූවා.  නිවෙස්වලට තිබුණාට වඩා ආරක්ෂක උපක්‍රම යෙදවීමට නිව් ඔර්ලින්ස්වල ජනතාව ක්‍රියාමාර්ග ගත්තා. විශේෂයෙන්ම ඉතාලි ජාතික වෙළෙඳුන් බිය වූ අතර ඔවුන් වංචා කරමින් මුදල් ඉපැයීම නවතා දැමූ අතර පාරිභෝගිකයන්ටද හොඳට සැලකුවා. එමෙන්ම නිවෙස්වල වැඩිහිටියන් රාත්‍රි කාලයේදී මාරුවෙන් මාරුවට අවදි වී සිටිමින් නිවෙස මුර කරනු ලැබුවා.

ඉතින් මෙලෙස වැඩිහිටියන් නිවෙස්වල ආරක්ෂාව සඳහා රාත්‍රි කාලයේ අවදි වී සිටි නිසා ඝාතකයා මාස කිහිපයක් වැඩ අතහැරලයි සිටියේ. ඉතින් එහෙම වෙනකොට මිනිසුන්ගේ බයත් කෙමෙන් අඩු වෙලා ගිහින් නගරයේ මිනිසුන්ගේ ජීවිතය නැවත පෙර ආකාරයටම වුණා. ඔහොම මාස 7ක් පුරාවටම තමන්ගෙ රාජකාරියට සමු දීලා හිටපු පොරෝ ඝාතකයා ආපහු 1919 වර්ෂයේ මාර්තු මස 10 වැනි දින නැවත වරක් ක්‍රියාත්මක වෙනවා. මෙවර ගොදුර වූයේ ඉතාලි ජාතිකයකු වූ චාල්ස් කෝර්ටිමිග්ලියා නම් සිල්ලර වෙළෙන්දෙක්. ඔහුට ස්ථිර ව්‍යාපාර ස්ථානයක් නොතිබූ නිසා නගරයෙන් නගරයට යමින් වෙළෙඳාම් කළා. ඔහු දිනක් නිව් ඔර්ලින්ස් සිට මිසිසිපි දක්වා ගමන් කරන ගමන් වෙළෙඳාම් කරමින් සිටියා. මිසිසිපි හරියේ තිබෙන ගඟ හරහා යන පාලම උඩදි චාල්ස් සහ බිරියටයි ඔවුන්ගේ වයස 2ක ළමයටයි ඝාතකයා විසින් පහර දෙනවා. චාල්ස්ට පහර දීලා බිරිය දෙසට ඇවිල්ලා දෙහැවිරිදි දියණියට සහ බිරියට පොරවෙන් කොටලා දානවා.

චාල්ස්ගෙ බිරිය සහ චාල්ස් බේරුණත් දෙහැවිරිදි දියණිය ඝාතකයාගෙ පොරෝ පහර නිසා මිය යනවා. චාල්ස්ගෙ බිරිය පවසන ආකරයට මේ අපරාධය කරලා තියෙන්නෙ අසල්වැසි වෙළෙන්දෙක් වෙච්ච ලොර්ලැන්ඩො ජොර්දාන් සහ ඔහුගෙ 18 හැවිරිදි පුත් ෆ්‍රැන්ක් ජොර්දාන්. පස්සෙ ෆ්‍රැන්ක්ට මරණ දඬුවම වගේම ලොර්ලැන්ඩොට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලැබෙනවා. ඒත් පසුව චාල්ස්ගෙ බිරිය නැවතත් පොලිසියට ඇවිල්ලා තමන්ගෙ පැමිණිල්ල අයින් කරගත්ත නිසා ලොර්ලැන්ඩො සහ ෆ්‍රැන්ක් නිදහස් වෙනවා. ඒ නිසා ඝාතකයා කවුද කියන එක නිශ්චිතවම තාම කියන්න හැකියාවක් නැහැ.

මේ සිද්ධියෙන් පසුව ඔර්ලින්ස් ජනතාවගෙ බිය තව තවත් වැඩි වුණා. මේ සිදුවීම්වලින් අනතුරුව පුවත්පත් කාර්යාලයට ලියුමක් එනවා පොරෝ ඝාතකයාගෙන්. පසුව මේ අය පුවත්පත් හරහා මේක ජනප්‍රිය කරනවා. ලියුමේ තියෙන්නෙ මේ විධියටයි.

Hell, 1919 march 13

“ඔවුන් කවදාවත් මාව අල්ලන්නෙ නැහැ. කවුරුත් මාව දැක ඇත්තේද නැහැ. මොකද මං ඔබේ ලෝකය වටා ඇති අ¾දුර මෙන් අදෘශ්‍යමානයි. මම මනුස්සයෙක් නොවෙයි. මම උණුසුම් නිරයෙන් පැමිණි ආත්මයක්. මම යක්ෂයෙක් වෙමි. ඔර්ලියානුවන් සහ ඔබලාගේ මෝඩ පොලිසිය මාව හඳුන්වන්නෙ Axe man ලෙසයි.

සුදුසු කාලය ඇවිත් කියලා හිතුණම මම වෙනත් වින්දිතයෙක්ගේ ජීවිතයට අයිතිවාසිකම් කියනවා. මැරෙන කෙනා කවුද කියල මම විතරයි දන්නෙ. මාව නිරයෙන් එවපු කෙනාගෙ ලෙයින් සහ දැනුමෙන් වැසී ගිය මගේ ලේ වැකි පොරොව හැර මම කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකරමි. ඔබ කැමැති නම් මම කරන දේ වළක්වන්න කියා පොලිසියට කියන්න. ඇත්තෙන්ම මම සාධාරණ ආත්මයකි. අතීතයේදී ඔවුන් ඔවුන්ගේ පරීක්ෂණ මිහිතලයේ කරපු එකට මම වරදක් නොකියමි. මොකද මිනිස් නිර්මාණය උන්වහන්සේ කළ නිසා මම ඒකෙන් අද විනෝදයට පත් වෙමි. එපමණක් නොව උන්වහන්සේගේ මහිමය. පරිස්සම් වෙන්න මා කවුදැයි සොයාගන්න උත්සාහ නොකරන්න. එහෙම කළොත් ඔබ පවසන ආකාරයට axe man ගේ උදහසට ලක් විය හැකිය.

ඔර්ලින්ස් වැසියන් මම භයානක මිනීමරුවෙක් විධියට දකිනවා ඇති. මට අවශ්‍ය නම් ඊටත් වඩා නරක වෙන්න පුළුවන්. මම කැමැති නම් සෑම රාත්‍රියකම එකෙක් බැගින් මරන්න වුවත් පුළුවන්. මට මිනිසුන් දහස් ගණනක් ඝාතනය කරන්න පුළුවන්. මොකද මම මරණයේ දූතයාගේ සමීප සම්බන්ධතාවක් පවත්වා යන බැවින්.

ස්ථිරවම කිවහොත් ඊළඟ අඟහරුවාදා (1919 මාර්තු 19දා) 12.15ට මම ඔර්ලින්ස්වලින් ඉවත් වෙලා යනවා. මගේ අසීමිත දයාව නිසා මම ඔබලාට යෝජනාවක් කැඳවන්නම්.

මම ජෑස් සංගීතයට බොහොම ප්‍රිය කරනවා. මම කලින් සඳහන් කළ දිනයේ ජෑස් සංගීතයෙන් පිරී යන සෑම නිවෙසක්ම මගේ පොරොවෙන් බේරී සිටීමට හැකියාව ඇත. ජෑස් සංගීතය නොමැති නිවැසියන්ට මගේ පොරොව වග කියනු ඇත.

හොඳයි මම සන්සුන් වී සිටින්නම්. මෙම ලිපිය ප්‍රකාශයට පත් කරනු ඇතැයි සිතමි. ඇත්ත වශයෙන්ම මේ විසිතුරු ලෝකයේ මෙතෙක් පැවැති නරකම ආත්මය මම වනු ඇත.”

Axe man

මෙම ලිපිය ගැන ඔර්ලින්ස් වැසියන් උනන්දු වූවා. ඝාතකයාගේ දෙවැනි ඝාතනයේ සිට ඔර්ලින්ස් වැසියන් ඉතාමත් බියක් දැක්වූ නිසාම ඝාතකයාගේ ඉල්ලීම පරිදි ජෑස් සංගීතය නගරයේ සෑම නිවෙසකම වාදනය කිරීමට ඔවුන් එකඟ වූවා. හැමෝම ඔහු කියූ දිනයේදී සෑම ගෙදරකම ජෑස් සංගීතය වාදනය වුණා.

සංගීත රාත්‍රියෙන් සති කීපයක නිහැ¾ඩියාවක් තිබුණද මිනිස්සුගෙ බිය එලෙසම පැවතුණා. ටික කාලයකින් ආයෙත් පොරෝ ඝාතකයා ක්‍රියාත්මක වෙනවා. 1919 ස්ටීව් මොකා නම් තවත් සිල්ලර වෙළෙන්දෙක්ගේ නිවෙසට ඝාතකයා ඇතුළු වී ඔහුගේ නිදන කාමරය වෙත පැමිණ පොරොවකින් පහර දී ඝාතනය කරන්න උත්සාහ කළත් ඔහු එදා බේරෙනවා. ඔහු පොරෝ පහරින් බේරුණත් අඳුරු ඡායාවක් විධියට පොරෝ ඝාතකයා දුටුවා. ඒ නිසාම ඔහු නිවෙසින් එළියට විත් අසල්වැසි නිවෙස වෙත දුවනවා. පසුව පහර දීම නිසා ඇති වූ තුවාලවලට ප්‍රතිකාර කරගත් අතර සිද්ධිය නිසා නැවත වාරයක් නගර වැසියන් බිය වීමට පටන් ගන්නවා. සැප්තැම්බර් 2 විලියම් කාර්සන්ගේ ගෙදරට කඩා වැදුණත් විලියම් කලබලයට පත් වෙලා වෙඩි තැබූ නිසා එතැනින් පොරෝ ඝාතකයා ඉවත් වෙලා යනවා.

ඉන්පසු සැප්තැම්බර් 3 සාරා ලොමන් නම් තරුණියට පොරවකින් පහර දෙනවා. අසල්වැසියන් ඇයව සොයාගන්න විට ලේ ගලාගෙන ඇද මත මිය ගොස් සිට තිබෙනවා.

එතැනින් පස්සෙ පොරෝ ඝාතකයාගේ ඝාතන ක්‍රියාවන් නැවතිලා ගිහින්. ඒ කාලේ තිබුණු තාක්ෂණය සහ පොලිසියේ අතපසුවීම් නිසා Axe man කොටු කරගන්න එක හීනයක් වූ නිසාම නීතියට පියවරක් ඉදිරියෙන් හිටපු මේ අනුක්‍රමික ඝාතකයා කොටු කරගන්න නම් වුණේ නැහැ. අද වනවිටත් මෙලෙස මිනිසුන් මැරුවේ කවුද යන්න අබිරහසක්ව පවතිනවා.

ධනංජය මධුෂාන්