UNP කට්ටිය පාර්ලිමේන්තුවට ගේන්න සිය ජාතික ලැයිස්තුව කැප කිරීමට SLPP සූදානම් ලු

1
508

රටේ ත් ජනතාවගේ ත් ප්‍රශ්න විසඳීම වෙනුවෙන් නව අග්‍රාමාත්‍යවරයාගේ පක්ෂයේ නියෝජනයක් පාර්ලිමේන්තුවට අවශ්‍ය නම්, ඒ සඳහා තම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර කිහිපයක් ලබා දීම පිළිබඳව කිසිදු ගැටලුවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසීය.

නව අග්‍රාමාත්‍යවරයා වැනි පරිණත දේශපාලන චරිතයක් හෝ පැමිණ රටේ වත්මන් අර්බුදවලට විසඳුම් සෙවීමට ඉදිරිපත් වීමට කටයුතු කරනවා නම්, ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය දෙන බව ද මෙම අවස්ථාවේ දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව රට ශක්තිමත් කිරීමට සියලු දෙනා එකතු විය යුතු බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ මොහොතේ අවශ්‍ය පක්ෂය වැඩි දියුණු කර ගැනීමට වඩා රටේ අර්බුද විසඳීම වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දීම බව ද ඉන් අනතුරුව පක්ෂයේ අඩුපාඩුකම් ඇත්නම් ඒවා නැවත සකස් කරගෙන ඉදිරි මැතිවරණවලට මුහුණ දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව ද එම ප්‍රකාශකයා වැඩිදුරට ත් පැවසීය.

1 COMMENT

Comments are closed.