BREAKING NEWS: රනිල්ගේ ආණ්ඩුවේ ඇමති ධූර භාර නොගැනීමට ශ්‍රී ලනිප තීරණය කරයි (VIDEO)

0
368

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නව රජයේ කිසිදු අමාත්‍ය ධූරයක් භාර නොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

අද (මැයි 13) පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බව ය.

ඒ අනුව, නව රජයේ කොටස්කරුවන් බවට පත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදි ආකාරයකින් ක්‍රියා නොකරන බව ඔහු අවධාරණය කළේ ය.