එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනපති මිය යයි

0
912

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති Sheikh Khalifa bin Zayed Al Nahyan අභාවප්‍රාප්ත තිබේ.

මිය යන විට ඔහු 73 වන වියේ පසු විය.

එරට ජනාධිපති කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ, ඒ හේතුවෙන් ජාතික ධජ අඩකුඹු කර දින 40ක නිල ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන බව ය.

එමෙන් ම එරට අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ ආයතන දින තුනක් වසා තැබීමට ද තීරණය කර ඇත.

වසර ගණනාවක් රෝගාතුරව සිටි Sheikh Khalifa, ඔහුගේ සොහොයුරා වන අබුඩාබියේ ඔටුන්න හිමි Mohammed bin Zayed කුමරු සමග දෛනික රාජ්‍ය පාලන කටයුතුවලට සම්බන්ධ වීම දිගු කලක් නතර කර තිබිණි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහුගේ අනුප්‍රාප්තිකයා පිළිබඳව මෙතෙක් ප්‍රකාශයක් සිදු කර නොමැති බව ය.

වසර ගණනාවක් තිස්සේ නිල ඡායාරූපවල හෝ පොදු උත්සවවල කලාතුරකින් දක්නට ලැබුණු Sheikh Khalifa 2004 වසරේදී ඔහුගේ පියා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිර්මාතෘ Sheikh Zayedගෙන් පසුව ජනාධිපති ධූරයට පත්විය.

ඉන් දශකයකට පසු ඔහු ආඝාතයට ගොදුරු වූ අතර, එතැන් සිට ඔහුව බොහෝ දුරට මහ ජනයාගෙන් ඈත් වී සිටියේ ය.