නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිහිටුවන රජයේ කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව 20ක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.
එම අමාත්‍ය ධූර 20 අතර ජනපති සහ අගමැති ද භාර ගන්නා අමාත්‍ය ධූර ද ඇතුළත් වනු ඇත.
නව අමාත්‍ය මණ්ඩලය එළඹෙන සතියට පෙර දිවුරුම් දෙනු ඇති බව ද වාර්තා වේ.