බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.
මැයි 9 වන දින සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ඔහුව මෙලෙස එම කොමිසම වෙත කැඳවනු ලැබ තිබිණි.
ඒ අනුව, ඔහු අද (මැයි 13) පෙරවරු 10.00ට පමණ එම කොමිසම හමුවට පැමිණ තිබිණි.