BREAKING NEWS: ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය අඩු කෙරේ

0
291

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (මැයි 14) උදෑසන 6.00ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අනතුරුව යළි ත් හෙට පස්වරු 6.00 සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර යළි ත් මැයි 15 වන ඉරිදා උදෑසන 5.00ට එය ඉවත් කිරීමට නියමිත ය.

මේ අතර, ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ රාත්‍රී 7.00 දක්වා රජයේ හා පෞද්ගලික ඔසුසැල්, පෞද්ගලික සාත්තු නිවාස සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන විවෘතව තැබීමට අවසර දී ඇත.

රෝගී පුද්ගලයින්ට හදිසි ප්‍රතිකාර සහ ඖෂධ ලබා ගැනීම අපහසුතාවකින් තොරව ඉටු කර ගැනීම වෙනුවෙන් එම තීරණය ගෙන ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය.