ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට

0
656

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරට ත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 109.5ක් දක්වා ඉහළ ගොස් ඇත.

අමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 107.90 ලෙස සටහන් වී තිබේ.

මේ අතර, ඉන්ධන ලබා ගැනීම සඳහා දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝලිම් දක්නට ලැබෙන බව අප වාර්තාකරුවෝ පැවසූහ.

මේ වන විට බෙදා හැරීම් සිදු වන්නේ පෙට්‍රල් පමණක් වන අතර ඩීසල් තොග අවම මට්ටමක පැවතීම හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඩීසල් නිකුත් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.