රනිල් වික්‍රමසිංහ මහතා යම් නිශ්චිත කාලයකට අග්‍රාමාත්‍ය ධූරය භාර ගත්තේ මේ රටේ පවතින ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා පමණක් බව එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඔහු අනාවරණය කළේ, ආණ්ඩුව පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ 124කට වැඩි ආසන සංඛ්‍යාවක් දැනට ම ත් ඇති බව ය.
“තරුණයන් ගෝල්පේස් පිටියට ඇවිත් දින ගණනාවක් තිස්සේ දුක් විඳින්නේ කරන්නට වැඩක් නැති නිසා නොවේ.තරුණයන්ගේ අනාගතය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න තිබෙනවා. අපට පාර්ලිමේන්තුවේ බහුතරය හැදීමේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඊට සැමට දායක වෙන්නට හැකි නම් සැමගේ ම අදහස් ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ වෙලාවේ රට වෙනුවෙන් කරන්නට සැමට වගකීම් කොටසක් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නායකයා රට වෙනුවෙන් තමන්ගේ කොටස ඉටු කිරීමට ඒ අභියෝගය භාර ගෙන තිබෙනවා. අද වන විට ඩොලරය පහළට ගොස් තිබෙනවා. ඉදිරියේදී පෙට්ට්‍රල් ඩීසල් ප්රශ්නය විසඳීම සඳහා සාකච්ඡා කරනවා. ගෑස් සහ විදුලිය පිළිබඳ ප්රශ්නය විසඳන්නට තිබෙනවා. ඔරොත්තු නොදෙන බඩු මිල ප්රශ්නය විසඳන්නට තිබෙනවා. මේවා එක රැයින් කරන්නට බැහැ. අගමැතිවරයෙක් පත් කර ගැනීම තවදුරටත් පමා වුණා නම් ඇති වන අගාධය මාසෙකින්වත් ආපසු හරවන්න හැකියාව ලැබෙන්නේ නැහැ. සාධාරණ කාලයක් තුළ මේ ප්‍රශ්න විසඳීමට අප ලෑස්තියි. අප ඉතා ශක්තිමත් රජයක් හදන බව පැහැදිලිව කියනවා. ආණ්ඩුව කොතරම් ශක්තිමත් ද සහ ඊට වැඩ පිළිවපිළිවෙළක් තිබේ දැයි ටික දවසකින් යන විට වටහා ගන්නට හැකි වේවි.
මේ ආණ්ඩුවේ කුමන්ත්‍රණ හෝ වෙන කිසි ම දෙයක් නැහැ. ඇත්තේ එක ම කුමන්ත්‍රණයක් පමණ යි. ඒ ජනතා අවශ්‍යතා ඉටු කිරීම සඳහා සියලු ම දෙනා එකතු කර ගැනීමේ කුමන්ත්රණයයි.
මේ වන විටත් රටවල් ගණනාවකින් සහය ලැබී තිබෙනවා. අගමැති තුමා තානාපතිවරුන් බොහෝ දෙනෙක් සමග සමග කතා කළා. අපට පාර්ලිමේන්තුවේ එක සිය විසි හතරකට වැඩි ආසන සංඛ්‍යාවක් හදා ගන්නට හැකියාව තිබෙනවා. ගෝල්පේස් අරගලකරුවන් ගේ අදහස් ද ලබා ගත යුතුව තිබෙනවා.
අප හොරු ඇල්ලීම ත් පැහැදිලිව ම කරනවා. ඒ සඳහා ඉදිරියේදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරාවි. ඒ සම්බන්ධයෙන් නීතිඥ සංගමයත් විවිධ අදහස් ප්‍රකාශ කර තිබෙනවා. එම අදහස් ද සැලකිල්ලට ගෙන අදාළ වැඩ කටයුතු සිදු වේවි. සියල්ලට ම කලින් කළ යුත්තේ ජනතාවගේ ප්‍රශ්න විසඳීම යි. අදාළ වන්නේ ඒ අය ආණ්ඩුවට සහය දක්වනවා ද නැද්ද යන කාරණය නොවේ. කාටවත් ඉදිරියේදී වෙනස් හැඳි වලින් බෙදන්නට බැරි වේවි. ජනතාව ඉදිරියට අධිකරණ පද්ධතිය ගැනත් අවධානය යොමු කරාවි.”
Presidential commission report in regard to 2005-2014 corruptions and misappropriations had been handed over to Yahapalana government.
Would you release it now ?
Comments are closed.