අග්‍රාමාත්‍ය ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීම සම්බන්ධයෙන් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ දැඩි අප්‍රසාදය පළ කරති.
දැන් පැවැත්වෙන ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ, නිර්පාක්ෂික පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් පසු ඔහු අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ යුතු බව ය.
ත්‍රෛනිකායික් මහ නාහිමිවරුන්ගේ ද අදහස වූයේ එය බව උන් වහන්සේ පෙන්වා දුන්හ.
උන් වහන්සේ පැවසුවේ, අරගලයේ නිරත වූවන්ට අවශ්‍ය වන්නේ සැබෑ වෙනසක් මිස රාජපක්ෂවරුන් රැකීමේ ක්‍රමවේදයක් නොවන බව ය.
මේ අතර, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පැවසුවේ, නිර්පාක්ෂික පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා විපක්ෂය වන සමගි ජන බලවේගය පියවර ගත යුතු බව ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් පොළොවේ මිනිසුන්ගේ අවශ්‍යතාව තේරුම් ගෙන නැතැයි උන් වහන්සේ චෝදනා කළහ.
උන් වහන්සේ පැවසුවේ, රටේ දේශපාලන පදනම මත තුන් වන ස්ථානයේ සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට සූදානම් බව නිවේදනය කර ඇති අතර එය ඉවත දමා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කිරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ය.
At this crucial moment, we need an experienced statesman !
Best choice is Ranil Wickramasinghe !
Comments are closed.