“නන්දලාල් ඉවසන්න! දැන් ම අත්හරින්න එපා!”: හර්ෂ මහ බැංකු අධිපතිගෙන් ඉල්ලයි

0
579

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

ඔහු ඉල්ලා ඇත්තේ, තමන් ඇතුළු කණ්ඩායම පවතින අර්බුදයට විසඳුමක් සෙවීමට දුෂ්කර ව්‍යායාමයක නිරත වන බැවින් මහ බැංකු ධූරය අත්නොහරින ලෙස ය.

“නන්දලාල්, කරුණා කර ඉවසන්න! ඔබ දන්නවා අපි දුෂ්කර ව්‍යායාමයක නිරත වන බව විසඳුමක් සොයන්න. දැන් ම අත්හරින්න එපා!”

ඊයේ (මැයි 11) පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ, රට තුළ පවතින දේශපාලන අර්බුදයට ඉදිරි සති දෙක තුළ විසඳුමක් නොලැබේ නම් තමන් මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වන බව ය.

සියලු දේශපාලන පක්ෂ එකතු වී රට ස්ථාවර කිරීමට කටයුතු නොකරන්නේ නම්, තමන්ට පමණක් නොව කිසිවෙකුට රට ගොඩගැනීමට නොහැකි බව ඔහු එහිදී අවධාරණය කළේ ය.