“නාකි මයිනා එලවලා නාකි කුකුළෙක් ගේන එක කුමන්ත්‍රණයක්” – පුබුදු ජයගොඩ

0
258

අග්‍රාමාත්‍ය ධූරයට රනිල් වික්‍රමසිංහ පත් කිරීම පවතින අර්බුද වැඩි කිරීමක් මිස විසඳුමක් නොවන බැවින් ජනාධිපති ඉල්ලා අස්වන තුරු ගෝඨාගෝගම අරගලය දිගට ම ගෙන යාමට සහයෝගය දක්වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කොළඹ අද (මැයි 12) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ය.

“මේ වෙලාවේ නාකි මයිනා එලවලා නාකි කුකුළෙක් ගේන්න හදන එක පිටුපස අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් තිබෙනවා. මාර්තු 29 ඇරඹුණු මේ කතාවේ පාවා දීමක් තමයි මේ අය කරන්නේ,” යනුවෙන් මෙහිදී ඔහු පැවසීය.

පස් වතාවක් අගමැති වූ අසාර්ථක නායකයෙකු යළි පත් කර ගැනීම ලිහා බලා ඇති මල්ල යළි වරක් ඔබා බැලීමක් වැනි යැයි ද ඔහු කියා සිටියේ ය.

ජනාධිපතිවරයා ගිලෙන්නට යන මොහොතේ රනිල් වික්‍රමසිංහ නමැති පිදුරු ගහේ එල්ලුණු බව ත් දැන් දෙදෙනා ම එකට ගිලෙන අයුරු බලාගත හැකි වනු බව ත් පුබුදු ජයගොඩ මහතා කියා සිටියේ ය.

අයුතු ජනරාශී අත්අඩංගුවට ගැනීමක් කරන්නේ නම් ඉකුත් 9 වන දා අරලිය ගහ මන්දිරයේ පැවති අයුතු ජනරාශියේ ආරම්භකයින් අනිවාර්යයෙන් අත්අඩංගුවට ගත යුතු යැයි ද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.