Google Translate විශේෂාංගයට තව ත් භාෂා 24ක් එක් කෙරේ

0
693

ගූගල් සමාගමට අයත් Google Translate විශේෂාංගය සඳහා අලුතින් භාෂා 24ක් එකතු කර තිබේ.

ඒ අනුව, ලොව පුරා එම භාෂා භාවිත කරන පුදගලයින් මිලියන 300කට පමණ භාෂා බාධක ජය ගැනීමට අවස්ථාවක් හිමි වනු ඇත.

නව භාෂා අතරින් 10ක් අප්‍රිකා මහද්වීපයේ භාවිත වන Lingala, Twi සහ Tigrinya ඇතුළු භාෂා බව ගූගල් සමාගම පවසයි.

මේ අතර, ඉන්දියාව, නේපාලය සහ ෆීජි යන රටවල වෙසෙන මිලියන 50ක ජනතාව භාවිත කරන භෝජ්පූරි මෙන් ම මාලදිවන්හි දිවෙහි බස ද ඊට එක් කර තිබේ.

මේ අනුව, මේ වන විට Google Translate පරිවර්තන හැකියාව ඇති භාෂා සංඛ්‍යාව 133ක් දක්වා ඉහළ ගොස් ඇත.