අටවිසි පිරිතෙන්  ජීවම් කරන බලවත්  බෙහෙත් වට්ටෝරුව

0
139

අනේක විධ රෝගාබාධයන් අතරේ කෙටිකාලීනව සුවවන රෝග තත්ත්වයන් මෙන්ම ඇතැම් විට ජීවිත කාලය පුරාවටම දුක් වේදනාවන් ගෙන දෙන රෝග තත්ත්වයන්ද අනේකවත් පවතිනු ලබනවා. පෙර ආත්ම භාවයන්හිදී සිදුකරන ලද බලවත් අකුසලයන් මුල් වීමෙන් ඇතැම් විට මේ ආත්ම භාවයේදී ඒවායින් පීඩාවට පත්වනවා. පිළිකා, සුව නොවන උදරාබාධ, රුධිර ගත රෝග තත්ත්වයන්  ආදිය බුදුන් දවසෙත් ආත්ම – ආත්මයන් පසු කරමින් ජීවිතවලට බද්ධව පැමිණෙන අවස්ථාවන් අනේකවත් අප අසා ඇත්තෙමු. සැරියුත් මහ තෙරුන්ට, ගිරිමානන්ද හාමුදුරුවන්ට වගේම බුදුන් වහන්සේටත් මෙවන් ආකාරයේ රෝගාබාධයන් ආත්ම පසුපස පැමිණියා. ඒවායින් පීඩාවට පත්වූවා. නමුත් ඒ ඒ අවස්ථානුකූලව බලවත්ව ඒවා යටපත් කොට නිසි සහනය උදා කරගනු ලැබූවා.

එසේම බොහෝ සෙයින් ප්‍රබල නොවූවත්, ඇතැම් විට සුළු රෝගයන් පවා නිට්ටාවට සුව නොවී නිතර පීඩාවට පත්වන අවස්ථාවන් අප ඕනෑ තරම් දැක තිබෙනවා. අවුරුදු ගණන් සුවනොවී පවත්නා කැස්සද එවැන්නක්. ඇතැමුන්ට කොතෙක් බෙහෙත් හේත් සිදු කළත් ඉන් දීර්ඝ කාලීන සුවයක් උදාකර ගැනීමට අපහසුයි. ඇතමුන්ට කුඩා අවධියේ හට ගන්නා මෙම කැස්ස අවුරුදු ගණන් එක දිගට පවතිනවා. වයසට ගියද කැස්සේ අඩුවක් නැහැ. සිංහල ඉංගී්‍රසි යන මොන විධියේ බෙහෙත් පාවිච්ච් කළද නිට්ටාවටම සුවයක් සහනයක් සැලසී නැහැ. මේ නිසා බොහෝ දෙනෙක් සීතල ආහාර වර්ග ආහාරයට ගැනීමෙන්, දැඩි සීතල දේශගුණයට යොමුවීම ආදියෙන් බොහෝ ලෙසින් ආරක්ෂා වනවා. නමුත් නිට්ටාවටම සුවය සලසා ගන්නට හැකිදැයි යන්න ගැටලුවකි. 

අද දින ඔබට මෙවන් ආකාරයේ අවුරුදු ගණන් සුව නොවී පවත්නා කැස්ස සඳහා නිට්ටාවටම සහනය සලසා ගත හැකි මෙන්ම, ප්‍රත්‍යක්ෂ සුවය ලබාගත හැකි බලවත් ඔෟෂධ වට්ටෝරුවක් මෙසේ ගෙනහැර දක්වමි. ඉපැරණි පුස්කොළ සටහනකින් උපුටා ගන්නා ලද මෙය පුර පක්ෂයේ දිනක සකසා සූදානම් කර ගැනීම සිදුකළ යුතුය. මේ සඳහා භාවිතා කරන ඔෟෂධයන් සපයා ගැනීම එතරම් අපහසු නොවේ.

එම උතුම් බෙහෙත් වට්ටෝරුව නම්

01.බෙහෙත් ගොටුකොළ

02.නැවුම් මැටි මුට්ටියක්

03.එළ තල හුණ්ඩුවක්

04.කිතුල් හකුරු

05.සූකිරි

06.රසකිඳ පිටි

පළමුව ගොටුකොළ සෝදා පිරිසුදු කොට ගෙන ජලය මුසු නොකොට හොඳින් කොටා එහි ඉස්ම බෝතලයක් පමණ සූදානම් කර ගන්න. පසුව එළ තල සෝදා ගරා අව්වේ වේළා ගෙන ගොටුකොළ ඉස්ම හා තල නැවුම් මැටි මුට්ටියට දමන්න. දැන් එයටම පිරිසුදු කිතුල් හකුරු කාලක් හොඳින් ගා දමන්න. සූකිරි කාලක් පමණ ගෙන එයටම මුසු කරන්න. දැන් නැවුම් මුට්ටිය ළිප තබා මඳ ගින්නේ කකාරමින් ඒ අතර තුර රසකිඳ පිටි ද එකතු කරමින් හැඳිගාමින් දිය ගතිය සිඳී යන තුරු රත් කරන්න. අවසානයේ ළිපෙන් බා හුමාලය යන තුරු නිවෙන්නට හැර පිරිසුදු රෙදි කඩකින් මුට්ටියේ කටබැද උඩකින් තබන්න. දැන් බෙහෙත නිසි ලෙස සාදා අවසන්. පසුව දින දෙකකට පසුව නැවතත් මුට්ටිය ගෙන නැවුම් කෙසෙල් කොළයක් මත තබා උදේ 09.00ට පෙරාතුව අටවිසි පිරිතෙන් 108 වර ජීවම් කරන්න.

අටවිසි පිරිත

අටවිසි පිරිත හා ආශීර්වාද ගාථා

1. තණ්හංකරෝ මහාවීරෝ –  මේධංකරෝ මහායසෝ

                සරණංකරෝ ලෝකහිතෝ – දීපංකරෝ ජුතින්ධරෝ

2. කොණ්ඩඤ්ඤෝ ජනපාමොක්ඛෝ – මංගලෝ පුරිසාසභෝ

                සුමනෝ සුමනෝ ධීරෝ – රේවතෝ රතිවද්ධනෝ

3. සෝභිතෝ ගුණසම්පන්නෝ – අනෝමදස්සී ජනුත්තමෝ

                පදුමෝ ලෝකපජ්ජෝතෝ – නාරදෝ වරසාරථි

4. පදුමුත්තරෝ සත්තසාරෝ – සුමේධෝ අග්ගපුග්ගලෝ

                සුජාතෝ සබ්බලෝකග්ගෝ – පියදස්සී නරාසභෝ

5. අත්ථදස්සී කාරුණිකෝ – ධම්මදස්සී තමෝනුදෝ

                සිද්ධත්ථෝ අසමෝ ලෝකේ – තිස්සෝ වරදසංවරෝ

6. ඵුස්සෝ වරදසම්බුද්ධෝ – විපස්සී ච අනූපමෝ

                සිඛී සබ්බහිතෝ සත්ථා – වෙස්සභූ සුඛදායකෝ

7. කකුසන්ධෝ සත්ථවාහෝ – කෝණාගමනෝ රණඤ්ජහෝ

                කස්සපෝ සිරිසම්පන්නෝ – ගෝතමෝ සක්‍යපුංගවෝ

8. තේසං සච්චේන සීලේන – ඛන්තිමෙත්තබලේන ච

                තේපි ත්වං අනුරක්ඛන්තු – ආරෝගේ‍ය්න සුඛේන චාති

9. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බරෝගෝ විනස්සතු

                මා තේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව

10. භවතු සබ්බමංගලං රක්ඛන්තු සබ්බදේවතා

                සබ්බබුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ

11. භවතු සබ්බමංගලං රක්ඛන්තු සබ්බදේවතා

                සබ්බධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ

12. භවතු සබ්බමංගලං රක්ඛන්තු සබ්බදේවතා

                සබ්බසංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ 

ජීවම හා කටයුතු සියල්ල අවසානයේ ‍ෙදාඹ ගෙඩියක ප්‍රමාණයේ ගුළි සාදා උදේ සවස වළඳා, පසුව ඒ සමඟම රත් කළ එළකිරි කාලක් සූකිරි හෝ සීනි දමා පානය කරන්න. මෙය නිසි ලෙස සාදා ගන්නේ නම් දීර්ඝ කාලීනව පාව්ච්චිය සඳහා කල් තබා ගැනීමේ හැකියාවද පවතිනු ඇත. දින 10ක් පමණ කිරීම ප්‍රමාණවත් වනු ඇත. අත්දුටු හා ප්‍රත්‍යක්ෂ සුවය සහනය සැලසෙනු ඇත. කොරෝනා රෝගයේ උත්සන්න තත්ත්වයන් වන නිව්මෝනියා ආදී මට්ටමට හේතු වන සියලු සෙම් රෝගයන්ටද බලවත් සහනය මෙන්ම ඒ සඳහා ශරීරයේ ප්‍රතිශක්තියද ඇති කරනු ඇත.

ජේ‍යාතිෂවේදී, හස්ත රේඛා ශාස්ත්‍රඥ වාස්තු විද්‍යාවේදී

කේ.පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන සුරවීර, දෙහිඕවිට

078-3905546