ජනපතිගේ විශේෂ ප්‍රකාශය: “අලුත් අගමැති මේ සතියේ – අගමැතිට වැඩි බලතල දෙන්න සූදානම්”

0
287

මෙම සතිය තුළ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත් අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (මැයි 11) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

අනතුරුව පාර්ලිමේන්තුවට වඩා ත් බලතල ලැබෙන ආකාරයට 19 වන සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මක වන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට ද කටයුතු කරන බව ඔහු පැවසීය.

ජනාධිපතිවරයා සඳහන් වැඩිදුරට ත් සඳහන් කළේ, පත් වන නව රජය රට ස්ථාවරත්වයට පත් කිරීමෙන් අනතුරුව සියලු දෙනා සමග සාකච්ඡා කර ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඉඩ සලසා දෙන බව ය.

සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ…