මහජන දේපළ කොල්ලකන්නන්ට වෙඩි තියන්න හමුදාවට නියෝග

0
209

මහජන දේපළ කොල්ලකන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
මීට අදාළ නිවේදනය ඊයේ රාත්‍රියේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කොට තිබේ.
මුළු දිවයිනටම ඇඳිරිනීතිය පනවා තිබූ ඊයේ හා පෙරේදා දින විවිධ ප්‍රදේශවල නිවාස, හෝටල්, වෙළෙඳසල් ගිනි තැබීම් මෙන්ම ඇතැම් නිවාස හා දේපළ කොල්ලකෑම්ද රැසක් වාර්තා විය.


ඇතැම් ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ට අයත් වෙළෙඳසල් කඩා එහි භාණ්ඩ සොරාගෙන යෑම්ද වාර්තා විය.
එසේම විවිධ තරාතිරමේ පුද්ගලයන්ට ප්‍රධාන මාර්ගවලදී පහරදීම් රැසක්ද වාර්තා විය.
මේ නිසා මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මෙලෙස වෙඩි තැබීමේ නියෝග නිකුත් කොට ඇත.
රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා මුළු දිවයිනටම මේ වනවිට ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ලබාදී ඇති අතර ත්‍රිවිධ හමුදා මූලස්ථානය මඟින් මෙම නියෝග සම්බන්ධයෙන් සියලු හමුදා සාමාජිකයන් දැනුවත් කොට තිබේ.

චාමර අමරසූරිය