වහා ම ක්‍රියාත්මක වනපරිදි දිවයිනට ම බලපැවැත්වෙන පරිදි දැනට පනවා ඇති ඇඳිරි නීතිය තවදුරට ත් දීර්ඝ කර තිබේ.
ඒ අනුව, මැයි 12 වන බ්‍රහස්පතින්දා උදෑසන 7.00 ඇඳිරි නීතිය දීර්ඝ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැතැයි එම අංශය වැඩිදුරට ත් සඳහන් කළේ ය.