රෝස පාටට ඇඳලා හොටු පෙරාගෙන අඬන කොරියන් කොල්ලෝ

0
270

රෝස පාට ඇ¾දුම් ආයිත්තම් ඇඳලා, නියපොතුවල මල්‍ටි කලර්ස් ගාලා, ගාණට මිම්මට හැඩට හදපු eye brows, eye shadows, make up කරපු පිරිමි මූණත්තහඩු ඔබ අනුමත කරන දෙයක්ද?

K – Pop එහෙම නැත්තම් කොරියන් පොප් ඉන්ඩස්ටි්‍ර එකේ මේක හරිම සුලබ දසුනක් වෙලා. බෝනික්කියො වගේ හුරුබුහුටි නිළියො වගේම එයාලාට නොදෙවැනි හුරුබුහුටිකමකින් යුක්ත නළුවො ගැන මෑත කාලයේ ඉඳන් ලෝකයම එකතු වෙලා  විවිධ අර්ථකථන දෙනවා.

ආසියානුවන් විධියට ලංකාව සහ  ඉන්දියාවේත්,  වික්ටෝරියානු සම්ප්‍රදායේ හිරවෙලා උන්නු බටහිර රටවල්වලත්  පිරිමිකම කියන එක බොහෝම ගැඹුරින් බාහිර රූපයෙන් බලන දෙයක්. රෝම පිරිච්ච පපුව, දෙඅත් සහ කකුල්, සරුවට වැවිච්ච රැවුල, ශක්තිමත් පාට ඇඟ තියෙනවා නම් මෙන්න පිරිමි කියලා බහුතරයක් අත්පුඩි ගහන්න පුළුවන්. ඒ වගේම පිරිමින්ටම නිම වුණු කළු, දුඹුරු, අළු, නිල් වැනි ආවේණික පාටවල ඇ¾දුම් ඇතුළත් වෙන්නත් ඕනෙ. හැබෑවටම පිරිමියා සහ ස්ත්‍රිය කියන රූප දෙක අපිට එක්තරා රූපෙකට කොටු කරන්න පුළුවන්ද?

දකුණු ඉන්දියාවේ තත්ත්වය තවත් උග්‍රයි. අර කිව්වා වගේ වලහෙක් වගේ බූල් පිරිච්ච හැඩිදැඩි හැන්ඩ්සම් දඩබ්බර නළුවෙක් හිටු කියලා ෆිල්ම් එකක එක පාර දහ දෙනෙක්ට විතර ගහද්දි රසිකයෝ පුදුම ගැම්මක් ගන්නවා. හැබැයි අනිත් පැත්තෙන් k drama series එකක සිද්ධ වෙන්නෙ හාත්පසින්ම වෙනස් දෙයක්.

කොරියන් ටීවී සීරීස්වල පොදු ලක්ෂණ කිහිපයක් තියෙනවා. හුරුබුහුටි හැඩ බෝනික්කො වගේ චූටි කෙල්ලෙක්. බොහෝ වෙලාවට කෙල්ල කටකාරයි. ප්‍රධාන නළුවාගේ ෆීචර්ස් සමහර වෙලාවට නිළියටත් වඩා ලස්සනයි. නිතරම වගේ අඳින්නෙ සීනි බෝල පාට ඇ¾දුම්. රැවුලක් නම් පේන්නවත් නෑ. ඒ  පුද්ගලයාට සන්සුන්, සාමකාමී, ප්‍රසන්න  චරිතයක් බොහෝ වෙලාවට තියෙනවා. . Painter of the wind වගේ ක්ලැසිකල් සීරීස් හැරුණු කොට අනෙකුත්  සරල කතා බලලා ඉවර වෙද්දි ස්ට්‍රෝබෙරි අයිස් ක්‍රීම් එකක් කාලා ඉවර වෙනවා වගේ ෆීලිං එකක් දැනෙනවා ඇති. පුදුමාකාරම දෙය තමයි k dramas බලන බහුතරයක් කෙටි කාලෙකින්ම මේ දේට ඇබ්බැහි වෙනවා.

K drama නළුවන්ව ලංකාවෙ සමාජ මාධ්‍යවල විහිළුවට ලක් වෙන්න හේතු කිහිපයක් තියෙනවනෙ. කලින් කිව්වා වගේ රෝස පාට සීනි බෝල පාට ඇඳුම්, කරාබු, හෙයාර් ස්ටයිල්, නේල් කලර්ස්, සමහර නළුවන්ගේ කාන්තාවන්ට ඉතා සමීප ෆීචර්ස් වැනි මේ හැම දෙයක්ම. ඒ වගේම ඔවුන් රූපලාවණ්‍ය කටයුතුවලට ගොඩක් ළැදියි. කාන්තාවන් එයාලාගේ රූපයට විශේෂ තැනක් දෙනවා.

Kim Ki – Soo එහෙම නැත්තම් දකුණු කොරියාවේ ගොඩක් අය කියපු විධියට dancer kim මේ වගේ ගොඩක් make up  කරන්න කැමැති කාන්තාවන් අඳින ආකාරයේ වර්ණවත් මෝස්තරයන්ට හැඩ වුණු කෙනෙක්. සුකොමළ රූපයක් තියෙන මොහු විකට නළුවෙක්. මෑත අවුරුදුවල මේ සුකොමළ තරුණයා ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක් ‍ෙදා් කියලා එක එක කට කතා ගියා. මොහු මේවාට කෙළින්ම මාධ්‍ය හමුවේ පිළිතුරු බැන්දා. එක්තරා මාධ්‍යවේදියෙක් ඔහුගෙන් 2017 වසරේදී අහනවා මේ make up  දැමිල්ලේ තේරුම මොකක්ද? ඒ වැඩේ හරි කැතයි නේද  කියලා. ඔහු ඉතා ආචාරශීලීව උත්තර දෙනවා.

“ඔබ හිතනවා නම්  ඒ වැඩේ හරිම කැතයි කියලා. කරුණාකර ඒ ගැන නැවත වාරයක් හිතලා බලන්න.”

අමතක කරන්න එපා දකුණු කොරියාව කියන්නෙ  දියුණුම මිලිටරි සන්නිවේදන ජාලයක් තියෙන රටක්. ගෑනු වගේ ඉන්න පිරිමි කියලා අපි අර්ථකථනය කළාට මොවුන් හැම කෙනෙක්ම වගේ මාස විස්සක් පුරාවට හමුදා පුහුණුවක් ලබපු පිරිමි. ලංකාව, ඉන්දියාව වගේ ආසියාතික රටවල් ලොකුවටම වරද්දගන්න පොයින්ට්ස් හැම වෙලේම වගේ මෙතෙන්ටත් අදාළ වෙනවා. අපි හැමදේම බලන්නෙ බාහිරින් නේද? දෙයියනේ කියලා කියන්න පුළුවන් දකුණු කොරියාව කියන්නෙ අහේනියක් තියෙන රටක් නෙමෙයි හොඳ ආර්ථික සංවර්ධනයක් තියෙන රටක්. රෝස පාට කොල්ලො ඉන්නවා කියලා අර්ථ දැක්වුවට අපේ රටේ කාන්තාවෝ විඳින දුකෙන් භාගයක්වත් ඒ රටේ කාන්තාවෝ විඳින්නෙ නෑ. පිරිමි පාර්ශ්වයටත් එසේමයි. පිරිමිකම සහ ගැහැනු ක්‍රම අර්ථකථනය වෙලා තියෙන පටු වර්ගීකරණයන්  නිසා අපි දකින්නෙ ජීවිතයේ එක අර්ධයක් විතරයි.

පිරිමි සහ ස්ත්‍රී ශරීරවල අනන්තය මෙතැකැයි කියලා අපිට අර්ථ දක්වන්න බෑ. වැට කඩුලු ගහලා වෙන් කරන්න බැරි තරමට සංකීර්ණ ක්‍රියාදාමයක් ‘මිනිසා’ කියන පොදු කුලකයෙ සිද්ධ වෙනවා. අපි මේ මහා පරිමාණෙන් වර්තමානයේ සාකච්ඡා කරන දේවල් තව අවුරුදු තිහක් යන්න කලින් අති සාමාන්‍ය දේවල් වේවි. පිරිමි ස්ත්‍රී වර්ගීකරණය කියන්නෙ අතිශය මානුෂීය දෙයක්. ඔබ ඔබම වෙන්න. අපි කැමැති අපේ ඉන්න ස්වරූපයට වුණාට මුළු ලෝකයම අපේ ස්වරූපයට කැමැති වෙන්නෙ නෑ. එකිනෙකාගේ ලිංගික දිශානතිය ඔවුන්ට පෞද්ගලික වූ දෙයක්. වැදගත්ම දේ සියල්ලන්ටම, සියල්ලන්ගේ වෙනස්කම්වලට සහ වෙනස්වීම්වලට එක විධියට ගරු කිරීමයි. ලෝකය කියන්නෙ විශාල ගංගාවක්. ගලන අතට ගඟ ගලාවි, ඒ පැත්තට යන්න අකැමැති අය උඩු අතට ගලාවි. මේ සියල්ලට අර්ථකථන සෙවීම  නිෂ්ඵල දෙයක්. කොයි අතට ගැලුවත් මිනිසා යනු මිනිසාමයි.

තාරිකා ද සිල්වා