“IOC ඉන්ධන මිල ඉහළ දැමීම බොරුවක්”

0
489

ලංකා අයි.ඕ.සී. සමාගම ඉන්ධන මිල ඉහළ දැමූ බවට පළ වන වාර්තා අසත්‍ය බව එම සමාගම පවසයි.

එහි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා mawbima.lk වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේ, ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් කිරීමට තීරණයක් ගෙන නොමැති බව ය.

ලංකා අයි.ඕ.සී. ඉන්ධන මිල ඉහළ දැමූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර ඒ පිළිබඳව අප කළ විමසීමකදී ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

මේ අතර, බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ද ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.