digital සිනමාව අතික්‍රමණය කළ ජේම්ස් කැමරන්ගේ ඊළඟ පෙරළිය

0
305

ටයිටැනික්, ටර්මිනේටර් සහ ඒලියන්ස් වගේ ෆිල්ම්ස් හදපු James Camron කියන්නේ තාක්ෂණය අතින් සිනමාව වෙනස් කරන්නම ඉපදුණු මනුස්සයෙක්. වෙන කාටවත් ඒ ටයිප් එකට ෆිල්ම් එක කරන්න බෑ කියන එකයි මගේ මතය. වෙන මුකුත් ඕනේ නැහැ, මතකනේ පළමුවැනි Avatar ෆිල්ම් එක.

ඔන්න පළමුවැනි ඇවටාර් එකෙන් සිනමාව ක්‍ෂේත්‍රයම වෙනස් කළා වගේ දහ ගුණයක විතර පිම්මක් පනින්න තමා කැමරන් මහත්තයා මේ පාර ලෑස්ති වෙන්නේ. සිනෙමාකොන් ඉවෙන්ට් එකේ NATO (National Association of Theatre Owners) ප්‍රෙස් ඉවෙන්ට් එකේදී ඉස්සරහට රිලීස් වෙන්න තිබෙන චමචබචප සීක්වල් එකේ වර්ෂන්ස් ගැන පැහැදිලි කිරීමක් කළේ. ඒ කිව්ව විධියට ඇවටාර් 2 රිලීස් වෙන වර්ෂන්ස් මෙහෙමයි.

භාෂා 160කින්,IMAX,3D, PLF (Premium Large Format),High Resolution, High Frames Per Second Rate, Variable Sound Systems, වර්ෂන්ස්වලින් ෆිල්ම්ස් එක රිලීස් වෙනවා.

සිනමා ඉතිහාසයේ පළමු වතාවට තමයි ෆිල්ම් එකක් මේ තරම් වර්ෂන්ස් ප්‍රමාණයකින් රිලීස් වෙන්නේ. NATO එකේ ප්‍රධානී ජෝන් ෆිතියන් තමා මේ ගැන පැහැදිලි කළේ. සිනෙමාකොන් ඉවෙන්ට් එකේ Avatar පැනල් එක 27වැනිදා පැවැත්වුණා. ඒ වගේම මේකේදී ඇවටාර් 2 එකේ Basic clip එකක් හෝ ට්‍රේලර් එකක් පෙන්නනවා. හැබැයි මේක අපිට බලන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ සෝෂල් මීඩියාවලට රිලීස් කරන්නේ නැහැ. දැනට ආරංචි වෙන විධියට මැයි 6 වැනිදා ඉඳන් ලොව පුරා රිලීස් වෙන ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මල්ටි මෑඩ්නස් (MoM) ෆිල්ම් එකත් සමඟ තමා ඇවටාර් 2 ෆිල්ම් එකේ ට්‍රේලර් එක රිලීස් වෙන්නේ.

ෆිල්ම් එකේ ටයිටල් එක Avatar: The Way of Water ලෙස නම් කරලත් තිබෙනවා. ඒ වගේමයි 2009 රිලීස් වුණ පළමුවැනි ඇවටාර් ෆිල්ම් එක මේ අවුරුද්දේ 23 වැනිදා ඉඳන් world wide වෙනවා. ඒත් නිකම්ම නෙමෙයි. sound සහ visual සේරමත් රීමාස්ටර්ඩ් කරලා. ඉතින් මේ චාන්ස් එක ඇවටාර් 1 නොබලපු අයට වගේම ඇවටාර් 2 බලන්න කලින් ඇවටාර් ලොකයේ ෆීලින් එක ගන්න හොඳ අවස්ථාවක් වේවී. ඒ වගෙමයි මැයි පළමුවැනිදා පොඩී මිස්ටේක් එකකින් මේ ෆිල්ම් එකේ ටීසර් එකක් ලීක් වුණා.

රමෝද් ජයවර්ධන