Blame නොකර Claim කර ගන්න Warranty

0
197

ඔයාලත් අලුතෙන් මොබයිල් ෆෝන් එකක් ගන්නද යන්නේ. ඕක ගනිද්දි හැමෝටම එක එක ප්‍රශ්න එනවනෙ ගන්න බ්‍රෑන්ඩ් එක? මොඩ්ල් එක? වොරන්ටි එක්ක ගන්නවද? නැද්ද? Software වොරන්ටි කියන්නේ මොකද්ද? ඒක එක්ක, විතරක් ගත්තම හරිද කියලා. ඔන්න ඕකට උත්තරයක් තමයි මේ.

පොඩ්ඩක් ගිහින් බලන්න ඕනම ෆෝන් ශොප් එකක ෆේස්බුක්පේජ්, ඕනම සෝෂල් මීඩියා එකක හෝ එයාලගේ වෙබ් සයිට් එකට මේ ෆෝන් බ්‍රෑන්ඩ් කරලා කැටගරි කරලා තියෙනවා. ඒවගෙන් අපි කැමැති එකක් සිලෙක්ට් කරාම අපිට බලාගන්න පුළුවන් එයාලා ඒ ෆෝන් එකට Issue කරන්නෙ මොන වගේ warranty එකක්ද කියලා.

අපිට බලාගන්න පුළුවන් මෙන්න මෙහෙම No warranty, Software warranty, Hardware warranty Company warranty

No warranty

No warranty කියන්නේ ආයෙ අහන්න දෙයක් නෑනේ. ෆෝන් එක එයාලගෙන් අරගත්තට පස්සේ වෙන කිසිම දේකට එයාලා වග කියන්නේ නෑ. මොනවා හරි වුණොත් ඔයාලම හදාගන්න ඕන. ඒ වගේම තමයි මේ ෆෝන්වල නපඪජඥ එකත් ගොඩක් අඩුයි.

Software warranty

සමහර අය හිතනවා අඩුවට තියෙන නිසා warranty කෑල්ලත් තියෙන නිසා මේක එක්ක ගත්තම ඔක්කොම හරි අවුලක් වුණොත් මොනව හරි කරලා දෙන්නෙ නැතැයි කියලා. ඒත් ඒක වැරැදියි. මේකෙදී අපිට ඒ ෆෝන් එක විකුණන Seller කරන්නේ අපි ගන්න ෆෝන් එකේ Software path එකට විතරක් වග කියන එක විතරයි. ඒ කිව්වේ ෆෝන් එක ගත්තට පස්සෙ අනාගතයේ පැමිණෙන Updates හා යම් ක්‍රමයකින් ෆෝන් එකේ OS එක සම්බන්ධ අවුලක් ආවොත් මෙයාලා software එක නිකං repair කරලා දෙනවා කියන එක.

උදා :-  එක පාරට ෆෝන් එක ON නොවී bootloop එකක් වුණොත් මේවා Hardware හේතු නිසාත් වෙන්න පුළුවන්. ඒවට වග කියන්නේ නෑ.

Hardware warranty

මෙන්න මෙතන තමා ගොඩක් අය හිතන්නේ අපි රුපියල් 2,000ක් 3,000ක් වගේ වැඩිපුර දීපු නිසා දැන් බයක් සැකක් නෑ ඕන දෙයක් වෙද්දෙන් අර අය නිකන් හදලා දෙනවනේ කියලා. ඒක සම්පූර්ණ වැරැදියි. මේ Hardware warranty එකටත් Claim කරන rules තියෙනවා.

අපේ අතින් ෆෝන් එකට Water Liquid වගේ දේවල් නිසා ඤචථචඨඥ එකක් වුණා කියමුකෝ. ඒව මේ Hardware warranty claim කරන එකට අදාළ වෙන්නෙ නෑ. මොකද ඒක අපේ වැරැද්ද නිසා. ගොඩක් අය හිතනවා IP rating එකක් තියෙන ෆෝන් එකක් වතුර ඇතුළේ යූස් කරලා පොටෝ ගහලා කොහොම හරි අන්තිමට ෆෝන් එකට ඔරොත්තු නොදෙන තරමට හරි තමන්ගෙ නොසැලකිලිමත්කමෙන් හරි වතුර ගියාම ඒකට කම්පැනි එකෙන් Warranty claim කරනවා කියලා. ඒත්  මේක Water proof / resistance නේ මේකට වතුර ගියා මට අලුත් එකක් දෙන්න. මේක හදලා දෙන්න කියලා කිව්වට තමන්ගේ වැරැද්දක් නිසා ඒකට කම්පැනි එකෙන් වග කියන්නේ නෑ. Company එකකින් safety එකට ෆෝන් එකක් හදල එවද්දී ඒ විධියට ෆෝන් එක පාවිච්චි කරන එක අපේ වගකීමක්.

අනික Drop damage ෆෝන් එක drop වෙන උස එක්ක තමා මේක ෆෝන් එක ඇතුළේ Hardware partsවලට බලපාලා ඒවා අවුල් වෙන්නේ. ගොඩක් වෙලාවට පොඩි උසකින් වැටුණට මොකුත්ම නොවෙන්න පුළුවන්. සමහර වෙලාවට display ගිහින් crack වෙලා පාවිච්චි කරගන්න පුළුවන් මට්ටමකට වැඩ කරන්න පුළුවන්. සමහර වෙලාවට ON වෙන්නෙම නැති වෙන්නත් පුළුවන්. මේවා ඒ අය හරියට check කරලා තමයි වොරන්ටි එක දෙනවද? නැද්ද? කියලා තීරණය කරන්නේ. ඒක නිසා මේ මොකකටවත් බොරු කරලා warranty ගන්න බෑ.

Company warranty

මේ කියන්නේ අපි ෆෝන් එක ගත්තම ඒ ෆෝන් බ්‍රෑන්ඩ් එක සම්බන්ධ වෙලා කරන ආයතනය company එකෙන් දෙන official warranty එකම issue කරන එක. ඒ කියන්නේ Hardware+Software දෙකම මේකෙදිත් අර උඩ කිව්ව කරුණුම තමයි තියෙන්නේ. වෙනසක් නෑ. එයාලගෙත් ඒ rulesවලටම තමයි වගකීම හම්බ වෙන්නේ. හැබැයි පෙළක් ආයතනවල special warrantyයක් දෙනවා.

උදා – LGවල hTCවල වගේ මාස ගාණක් හෝ warranty period එක ඇතුළත වැටිලා ඩිස්ප්ලේ එක කුඩු වුණත් අලුතින් එකක් දාලා දෙනවා වගේ මේව දෙනව නම් එයාලා කියනවා අපි මේකට මෙහෙම දෙනවා කියලා. නැත්නම් හැම එකකටම මේක දෙන්නෙත් නෑ.

ඔන්න ඔය ටික තමයි ඹචපපචදබරය ගැන මතක් කරන්න ඕන. තමන් ෆෝන් එකක් ගන්න කලින් ඹචපපචදබරය ගැන සැලකිලිමත් වෙනව නම් මේ ටික දැනගෙන ගන්න යන්න.  පස්සෙ warranty නම තිබ්බටවත් මේ rules කඩකරලා බොරු කරලා warranty ගන්නවත් යන්න එපා. හම්බ වෙන්නේ නෑ. හැබැයි යම් හෙයකින් ඔයාගේ සාධාරණ හේතුවක් තිබිලත් අසාධාරණ විදිහට ඒ ආයතන ඔයාට සලකනව නම් මෙන්න මේ ආයතනයට ගිහින් complain කරන්න.