අනුරට රට භාර දුන්නොත් දේශපාලකයින්ගේ සුඛෝපභෝගී වාහනවලට කරන්න යන දේ (VIDEO)

5
448

ජනාධිපතිවරයාගේ සිට මැති ඇමතිවරු දක්වා දේශපාලනඥයින් භාවිත කරන සුඛෝපභෝගී වාහන සියල්ල නැවත විදෙස් රටවලට අලෙවි කර මෙරටට විදේශ විනිමය ගෙන ඒමේ වැඩපිළිවෙළක් සකස් කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (මැයි 7) ජාතික භික්ෂු පෙරමුණ සංවිධානය කළ භික්ෂු රැළිය අමතමිනි.

රටේ පවතින ආර්ථිකය ජූනි මස මුල වන විට පවතින තත්ත්වයට වඩා භයානක විය හැකි බවට ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවන බව ද මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, මෙරට ආර්ථිකය නැවත සංවිධානගත කිරීම සහ වත්මන් ආර්ථිකයට ඔරොත්තු දිය හැකි ලෙස ජීවන රටාව ද යළි සංවිධානගත කළ යුතු බව ය.

“මම ඔබ වහන්සේලාට එක සහතිකයක් දෙනවා. අපිට දෙන්න ආණ්ඩුවක්. අපි හදමු ආණ්ඩුවක්. ඔය ජනාධිපතිවරයා පාවිච්චි කරන වාහන අඩු ම තරමේ ඩොලර් මිලියන 2 පනිනවා. ඩොලර් ලක්ෂ 20 පනිනවා. ඒ වාහන කොච්චර තියෙනවා ද? අගමැතිවරයා ගාව, ජනාධිපතිවරයා ගාව, විපක්ෂ නායකවරයා ගාව, අමාත්‍යවරු ගාව, අඩු ම තරමේ ඩොලර් මිලියනය ඉක්මවන වාහන විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි මේ වාහන සියල්ල ආපහු ලංකාවෙන් එළියට විකුණලා, ලංකාවට ඩොලර් ගේන්න සැලසුමක් හදනවා.

මෙවැනි දුප්පත් රටකට, තෙල් ටික ගහගන්න බැරි රටකට මෙවැනි සුඛෝපභෝගී වාහන පාවිච්චි කළ හැකි ද? අපිට කිරි පිටි ටික ගේන්න ඩොලර් ටික මදි. තෙල් ගේන්න ඩොලර් මදි. හැබැයි අපි? ඔබ වහන්සේලා බලාගෙන හිටියොත් පාර්ලිමේන්තුව ගාව, ඇමතිවරු පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ඨ වෙන වාහන දෙස බලාගෙන හිටියොත්, ලෝකයේ මේ මොහොතේ හදලා තියෙන සුපිරි ම වාහන මේ දුප්පත් රටේ පාර්ලිමේන්තුවට යනවා. මේවා ආපහු යවන්න ඕනේ නැද්ද? ඔක්කොම ආපහු යවන්න ඕනේ. මේ රටට මේවා ඔරොත්තු දෙන්නේ නැහැ.”

5 COMMENTS

  1. අනිවාර්යයෙන් කරන්නම ඕනෑ දෙයක් .රටකට උහුලන්න බැරි වාහන .අසල්වැසි ඉන්දියාවේ මැති ඇමැති wවරුන් මොනවාද පාවිච්චි කරන වාහන දිහා බලන්න . ඒවාගෙම තමයි මොවුන්ට දෙන aආරක්ෂක යන් සහ පිටු පසින් යන වාහනත් ඉවත් kකරන්න ඕනෑ.රටක ආරක්ෂාව මොවුන් තහවුරු කරලා tතියන නිසා .

  2. කතිරෙ ගහපු ජනතාව භූමිතෙල් බෝතලයක් ගන්න දවස් ගණන් පෝලිමේ ඉද්දි රට හූරන් කාපු හොරනඩේ කිලෝමීටර් 20/25 එන්නෙ සහනාධාරෙට ගත්ත පිං තෙල් ගහගෙන.මුංට දීපු ආරක්ෂක සේනාව උන්ගෙ ඩිෆෙන්ඩර් රථ මේවා තමයි අනවශ්‍ය වියදම්.මේ රට හදන්න නම් ජනාධිපති අගමැති කැබිනට් මණ්ඩලය සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු බොහෝදෙනෙක්ට දීපු අධික වරප්‍රසාද වහාම කප්පාදු කල යුතුයි

Comments are closed.