සුෂුම්නාවට හානි වීමෙන් හටගන්නා රෝගාබාධ සුව කරන පාරම්පරික සත්කාර

0
39

මනුෂ්‍ය ශරීරය තුළ කොඳුඇට පෙළේ අස්ථි රාශියක් පිහිටා තියෙනවා. එය ගණනින් 33ක් පමණය. මෙය අස්ථි ඉහළ කෙළවරේ සිට හිස් කබල දක්වා පිහිටනවා. පහළ කෙළවර උකුල් ඇට සන්ධිය පිහිටා තියෙනවා. මෙයින් 24ක් සෙලවීමට හැකි අයුරින් සැකසී පිහිටා තිබෙනවා. එම කොටස් තමයි කශේරුකා.

මෙම කොඳුඇට පෙළෙහි හට ගන්නා රෝග විවිධයි. ඊට වයස් භේදයක් ඇත්තෙත් නෑ. දරුවන් ගත්කල දිවීමෙන්, උසකින් පැනීමේදී, වැටීමේදී ඇතිවූ ආබාධ දුර දිග ගියා වෙන්න පුළුවන්. තවත් අයට වැඩි බරක් නුහුරට එසෙව්වාමත් ආබාධ හට ගන්නවා. තවත් අය පහත් වී එක දිගට වැඩ කිරීම හෝ කය වෙහෙසා වැඩ කිරීම, තදබල පහරක් වැදීම, උසකින් වැටීම, යම් හදිසි අනතුරකට භාජන වීම වගේ තත්ත්වයන්වලදී හටගන්නා ආබාධ දුරදිග ගියා වන්නට පුළුවන්. ඇතැමුන් උසකින් වැටී සුෂුම්නාවට හානි වීමෙන් දුකට පත් වෙනවා.

එකී කුමන හෝ තත්ත්වයකට මුහුණ දී කාලයක් ගත වූවාට පසුවයි අස්ථිවල විවිධ රෝගාබාධ හට ගන්නේ. එය ඔබට නොදැනිවම ඇතිවන තත්ත්වයක්. නමුත් මුල් අවස්ථාවෙම ප්‍රතිකාර ගතහොත් සුව කිරීම පහසුයි.

කොඳුඇට පේළියේ විශේෂයෙන් මෙම අස්ථි රෝගවලදී වැදගත්. කොඳුඇට පෙළේ ඉහළ සිට පහළට අපට පරීක්ෂා කර බැලුවොත් අපට විවිධ රෝගීන්ගෙන් දැකගත හැකි දෙයක් තමයි කොඳුඇට පෙළේ තැන් දිරා යෑම සහ ඇට පිපිරීම. එසේ වූ බොහෝ දෙනාට හටගන්නා රෝග තමයි හිසේ කැක්කුම සහ කරකැවිල්ල. නින්ද වැඩිකම, විසිවී යෑම. හැබැයි මේ බොහෝ අයට තමන්ට රෝගයක් තිබෙන බව තේරෙන්නේ නැති වීම විශේෂයි.

බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව කරන්නේ ශල්‍යකර්මයකට බඳුන් කිරීමයි. ඉන් සදාකාලිකව වැරදී දුක් විඳින්න වෙන්නත් පුළුවන්. නමුත් නිසි වෛද්‍ය ප්‍රතිකාර ගතහොත් ඔබේ ඕනෑම සන්ධිගත රෝගයක් සුවකළ හැකියි.

සමහරු හිතනවා ඇට පුරුක්වල වේදනා ඇති වුණාම වාත අමාරුවක් හෝ තැල්මක් නිසා එම වේදනාව ඇති වුණා කියලා. එහෙම තියාගෙන ආපු බොහෝ රෝගීන් පරීක්ෂා කර බැලුවම ඒ අයගෙ කොඳුඇට පෙළේ ආබාධයක් සැඟවී තිබෙන නිසයි එහෙම වෙලා තියෙන්නේ. එහෙම නම් අප කළ යුත්තේ ඒ සන්ධිගත තැන සොයාගෙන එහි යම් තෙරෙපීමක්, බිඳීමක්, ස්නායුගත ප්‍රශ්නයක් දැයි දැන ගන්න එක. ලෙඩා පරීක්ෂා කරලා බැලුවම අපට තේරෙනවා මෙය තවදුරටත් මෙහෙමම තිබ්බොත් එක්කෝ ඇවිද ගන්න බැරිවම වැටිලා මිය යනතුරු දුක්වේදනා විඳින බව.

අපේ වෛද්‍ය ක්‍රමයේ තෙල් සාත්තුව ප්‍රධානයි. මේ සඳහා අවශ්‍ය ඔසු සොයා ගන්නේ දුර්ලභ ශාකවලින්. ඒවා රහස් ඔසු ක්‍රම අනුවයි. අප විසින්ම එම පාරම්පරිකද වෛද්‍ය ශාස්ත්‍රිය තෙල් සිඳ ගන්නවා. ලෙඩා ඉතා හොඳින් පරීක්ෂා කර බලා ඒ තෙල් සාත්තුව එක දිගට කරනවා. තත්ත්වය කෙතරම් බරපතළ වුවත් ඔහුව අප භාර ගන්නවා. අපේ වෛද්‍ය ශාලාවේ නේවාසිකව රඳවාගෙන නිරතුරු පරීක්ෂාවෙන් යුතුව සාත්තු කරනවා. ඒ සඳහා වූ වෛද්‍ය සත්කාර රැසක් ඉතා කෙටි කාලයකින් ඔහු හෝ ඇය පූර්ණ සුවයට පත් වෙනවා.

සුභානි එම්. ආරච්චිගේ

අස්ථි රෝග විශේෂ වෛද්‍ය

එම්.ඒ. මදනායක

මදනායක බෙහෙත් ශාලාව වැලිගම

0771875707