විළුඹේ හටගත් ආබාධයක් නිසා ඇවිදගන්නට බැරි වූ රෝගියකු සුවපත් කළ අරුමය

0
48

ශරීරයේ ඕනෑම තැනක හට ගන්නා ඕනෑම රෝගයක් සැණින් අල්ලාගත හැකි ක්‍රමයක් තමයි නාඩි වෛද්‍ය ශාස්ත්‍රය. “නාඩි” නිවැරදිව හඳුනා ගන්නේ නම් රෝග නිධානය සොයා ගැනීම වඩාත් පහසු වෙනවා.

සිංහල වෛද්‍ය ක්‍රමයේ විකාශය දුර අෑත අතීතයට දිව යන්නක්. ඒ හා සමාන කාලාන්තරයක් මුළුල්ලේම ඉසිවර වෛද්‍යවරුන් මේ නාඩි පරීක්‍ෂාවෙන් බොහෝ විස්මිත වැඩ කළා. බැහැයි කියලා මැරෙන්න ඇරපු රෝගීන් ළඟට අරන් හොඳින් පරීක්‍ෂා කර බලලා අසවල් ඔසු දුන්නොත්, අසවල් සත්කාර නිසි ලෙස කළොත් සුව කර ගන්න පුළුවන්ය කියලා ඔප්පු කළ අතීතයක් අපට තිබුණා.

ඒ නිසාම නාඩි වෛද්‍ය ශාස්ත්‍රය අදටත් හොඳින් දන්නා, හදාරා, අත්දැකීම් සහිතව කටයුතු කරන පුරාණ සිංහල වෙදකම දන්නා වෛද්‍යවරුන්ට මේ විස්මිත වෙදකමෙන් දස දහස් ගණනකට සහනය දෙන්න හැකි වෙලා තියෙනවා.

ශරීරයක් මුළුමනින්ම පණ නැතිව අත පය වැඩ කරගන්න බැරිව යනවා කියන්නෙ බරපතළ තත්ත්වයකි. එහෙම වුණාම බටහිර වෙදකමේ කරන්න තිබෙන්නේ බොහොම අඩු ප්‍රතිකාර ක්‍රමයක්. ආලේපන සහ ව්‍යායාම් මඟින් යථා තත්ත්වයට ගත හැකි යැයි කියමින් බටහිර වෛද්‍යවරු නොයෙකුත් කෘත්‍රිම ප්‍රතිකාර විධි යොදා ගන්නවා. දේශීය වෙදකමේ වගේ නොවෙයි ඒවා තාවකාලිකයි. නමුත් අපේ වෙදකමට අනුව රෝග නිධානය සොයාගෙන මුලටම ප්‍රතිකාරයන් කරන නිසා වඩාත් සාර්ථකයි. ජීවිතේ අලුත් වෙනවා. යළි පණ එනවා. නිදුක් නිරෝගී සුවයම සලසනවා.

අපේ පුරාණ වෛද්‍ය ශාස්ත්‍රයට අනුව මානසික රෝගවලට යන්ත්‍ර, මන්ත්‍ර ආදිය කළ යුතු බවත් ආගන්තුක රෝගාබාධවලට, කැඩුම්, බිඳුම්, විෂ, පිලිස්සුම් ප්‍රතිකාරද ඇතුළත්. සහජ රෝග වන මහලු වීම, කුසගින්න වැනි අවස්ථාවලදී තාවකාලික සුවය දෙන අරිෂ්ට, ගුළි, කල්ක, තෛල, ශල්‍ය ක්‍රම වැනි ප්‍රතිකාරත් නියම කරනවා. ශාරීරික රෝගවලදී ප්‍රතිකාර සඳහා කෂාය ක්‍රම 5ක් සඳහන්. චූර්ණ ක්‍රමය, උෂ්ණ කෂාය, ශීත කෂාය, පණ්ට කෂාය යනාදී වශයෙනි. චූර්ණ ක්‍රමයේදී ප්‍රතිඵල පහසුවෙන් ශරීරයට උරා ගන්නවා. භාවිතය පහසුයි. ප්‍රතිඵල කඩිනම්. ශරීරයේ එක් කොටසක්, අතක්, පයක් වගේ රිදුම් දේ නම් පණ නැතිව වගේ තියේ නම් අප හදාරා තිබෙන ශාස්ත්‍රයට අනුව ඉතා දුර්ලභ ඔසු යොදා සකසා ගන්නා සුවිශේෂ තෙල් වර්ගත් ප්‍රතිකාර විධිත් යොදා ගැනෙනවා. නාඩි පරීක්‍ෂාවත් එහිදී වැදගත්. අෂ්ට පරීක්‍ෂා පොතේ සඳහන් පරිදි..

“මන්දාග්නේ ත්‍රිෂ්ණාධානොශ්ච නාඩි මන්දහාතා භවෙත්, අශ්‍රක් පූර්ණ භවෙත් පොෂ්ණ ගුර් වෙෂ්මා හරියසීලස්වීව්හ දීප්නාග්නෙ තථා වේගවතී සමුතා” යනාදී වශයෙන් මෙහි අරුත නම්….. “මඳවූ අග්නි ඇති කල්හිද සප්ත ධාතු ක්‍ෂයව ගිය කල්හිද නාඩි නොම මඳවූ ගමන් ඇති වන්නේය. රුධිර පිරී කල්හි උෂ්ණ සහිත වන්නේය. මේ නාඩි නොම ගුරුවරු වන්නේය. දීප්තාග්නි ඇති කල්හි නාඩි නොම ලිහිල්ව උසුලන්නේය. එසේම වේගවත් බවද දන්නා ලද්දීය” යනාදී වන්නේය.

දිනක් අප වෙත ආ රෝගියකුට තිබුණේ රක්ත වාතය තිබීම නිසා දෙපතුල් පැළීමෙන් ඇදේට එක් පාදයක් තබන්නට වීමෙන් හටගත් ආබාධයකි. ටික කලක් යද්දී විළුඹේ සහ මහපට ඇඟිලිවල වේදනාදී ඇවිදගන්න බැරි තරමට පණ නැතිව වාරු නැතිව යෑමක් නාඩි පරීක්‍ෂාවේදී අපට ඔහුට තිබෙන රෝග තත්ත්වයන් වටහා ගත හැකි වුණා. ඉන්පසු මහපටැඟිලිවල සහ විළුඹේ හටගත් ස්නායු ආබාධය හා බැඳුණු රෝග තත්ත්වයට නිල ප්‍රතිකාරද සිදු කළා. මේ සඳහා ඔහුගේ රෝග තත්ත්වය ශරීරයෙන් තුරන් කරන අතරම නියමිත පරිදි දෙපා තබා ඇවිදගෙන පෙර සිටි ආකාරයෙන් යන්නට පුළුවන් නිරෝගී තත්ත්වය ඉතාමත් කෙටි කාලයකින් ලබා දුන්නා. අද ඔහු ඉතා නිරෝගී අයෙකි.

සුලක්ඛන ජයවර්ධන

වෛද්‍යාචාර්ය,

ජයන්ත බණ්ඩාර

අංකුඹුර,

රාමකොටුව

072-4464957

071-6080849