මතක ශක්තිය වැඩිකරගෙන  අධ්‍යාපන අරමුණු ජයගන්න  ගුප්ත කර්ම

0
350

2022 වර්ෂය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ඉතාම සුවිශේෂී වර්ෂයක් වනු ඇත. එම වසරේ අ.පො.ස ස.පෙළ විභාග දෙකක්, ශිෂ්‍යත්ව විභාග තුනක් මෙන්ම අ.පො.ස. උ.පෙළ විභාග දෙකක්   බොහෝදුරට පැවැත්වීමට සිදුවිය හැකිය. එයට හේතුව පවතින ගෝලීය කොවිඩ් අර්බුදය නිසා 2021 වර්ෂයට නියමිත කඩඉම් විභාග පැවැත්වීමට නොහැකි වීමය. අද තරගකාරී අධ්‍යාපනය දරුවන් නියත ලෙසම ජයග්‍රහණය කළ යුතුය. ඒ රැකියාවක් සොයා ගැනීමට පවතින දැඩි   තරගකාරීත්වය නිසාය. අද අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට ඉතා විශාල පහසුකම් ඇත්තේය. එනම් පොතපත, ශ්‍රව්‍යදෘශ්‍ය මාධ්‍ය, අන්තර්ජාලය ආදී පහසුකම්ය. එහෙත් අතීතයේ මේ කිසිවක් නොවුණත් අපේ මුතුන්මිත්තෝ අධ්‍යාපනය කරගෙන ගියහ.

එදා පාලි, සංස්කෘත භාෂා, වෙදකම ජොතිෂ්‍ය,  ගුප්ත විද්‍යාවට අයත් යන්ත්‍ර මන්ත්‍ර මෙන්ම පිරිත් සූත්‍ර සියල්ල පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ආරක්‍ෂා කරන ලදී. එදා ඒ සියල්ල මුඛ වහරෙන් ඉදිරියට රැගෙන යන ලදී.

අද මෙන් නොව එදා අධ්‍යාපනය පන්සල, කේන්ද්‍ර කරගෙන කරන ලදී. එකල අද මෙන් පොත්පත් නැතත් අධ්‍යාපනය කළ දරුවන් ධාරණය කර ගැනීමට විවිධ ගුප්ත ක්‍රම භාවිත කළහ.

අප රටේ ගත් කල තොටගමුවේ ශ්‍රී   රාහුල හිමියන්ගේ සිද්ධිය ඊට හොඳම නිදසුනකි. එනම් සරස්වතී තෛලය භාවිත කිරීමයි. මේ ආකාර විවිධ යන්ත්‍ර මන්ත්‍ර ක්‍රමවේද මඟින් ධාරණය කර ගන්නට ක්‍රම රහසේ භාවිත කළහ.

නමුත් එදා භාවිත කළ එම රහස් යන්ත්‍ර  මන්ත්‍ර අද භාවිත කිරීම තුළ ඉහළ ප්‍රතිඵල ලබා ගන්නට හැකි අතර අප දන්න පරිදි ඒවා භාවිත කර මහාවියතුන් වූ අය බොහෝය. ඒ සඳහා යම් කැප කිරීමක් කළ යුතුය. හිසට ඔෟෂධ තෙල් යෙදිය යුතුය. මතක තබා ගැනීමට පාඩම් කිරීමට පෙර භාවිත කළ හැකි ක්‍රම කිහිපයක් අද ඉදිරිපත් කරමි. එදා අප අධ්‍යාපනය කරන කාලයේ ගොටුකොළ, කිරිඅගුණ, ලුණුවිල ආදී පලා වර්ග රතුලූනු ආදිය අම්මලා සකස් කර දුන්නේ මේ සඳහාය. අද දරුවන් හිසට ඔෟෂධ තෙල් වර්ග භාවිතයට කැමැති නැත. ඉහත ආහාර වෙනුවට කෘත්‍රිම ආහාර වෙත යොමුවීමද දක්නට  ඇත.

යම් අයකුට අධ්‍යාපනය සිදු කරන අවධියේ සෙනසුරු මහ දසාව, අතුරු දසාව හෝ එරාෂ්ටකයක් පවතී නම් නියත ලෙසම අමතක වීම් සිදුවේ. එයට අප අත්දුටු පිළියමක් ලෙස ඉහත දේවලට අමතරව සරස්වතී යන්ත්‍රය තෙල් මන්ත්‍ර ආදිය භාවිත කළ අතරම මසකට දෙකකට වරක් හිස් බඩ කොහොඹ කොළ කෙටූ ඉස්ම වීදුරුවක් පානය කරන ලදී. එහි ප්‍රතිඵල කිව නොහැකි තරම්ය.

පහත සඳහන් කුඩා මන්ත්‍ර භාවිතය තුළ අධ්‍යාපනය ලබන දරුවන්ට තම අරමුණු ජයගත හැකිවනු ඇත. එවායින් කිහිපයක් මෙසේ   “තරුපති” තුළින් ඉදිරිපත් කරන්නේ දැයට යහපත් බුද්ධිමත් දරු පරපුරක් බිහිකිරීම උදෙසාය.

1. වදකහ චූර්ණය පහත මන්ත්‍රයෙන් 1000 වර මතුරා තබාගෙන උදේ – හවස කළඳක් එළකිරි භාගයකට මිශ්‍ර  කර දින 14ක් වළ¼දා කැකුළු හාල් බත්, ගිතෙල්, එළවළු සමඟ අනුභව කළ වර්ෂ හතක් පාඩම් කළ යුතු ශිල්ප මාස හතකදී ධාරණය වේ.

ඕං හුං හය සිරෝ වාගිශ්වරාය නම:  ඕං කස්වපති බුද්ධිව: කඩගංතු පාඩව:

2. ඕං ජල රුද්‍ර  සරස්වතීය මා මුඛා රැස් සර්වදේවි වින මායං ප්‍රතිබන්දේ අඩංගු නම සිවායේ නයෙල් කදිරානේ විසි මාඩස්වේ ආරුඪ මන්ත්‍ර ප්‍රාණ ප්‍රතිෂෙට් කෟ කෟ ධෟත නාම රපුකාලි විසිර විසිර ධාරණ ධාරණ ඕං ඕං සරස්වතී ඕං මුබෙශ්වරි මුඛරුඩ අඩංගු

දිනපතා මෙන් 21 වන වර පිරිසුදු ජලය මතුරා බී පාඩම් කරනු.

3. ඕං නාරායන ගුරු රාදි සරස්වති නමෝ තුභ්‍යාම් වංශ දේවී නමෝනම: 

පිරිසුදු  ජලය වීදුරුවක් ගෙන 7 වරක් කියා පානය කර පාඩම් කරන්න.

4. ඕං දේවී මහා දේවී මංගල දේවී එත්තාවිල් කුඩි කුඩි නික්ක ස්වාහ: 

අලුයම අවදි වී පිරිසුදු පැන් ගෙන ස්වර කියා මුහුණු සෝදා එම පැන් බොන්න. සබකෝලය දුරුවේ.

5 ඕං සිද්ධි බුද්ධි ගණපති එස්වහා :

පාඩම් කරන විට නිදිමත මැඬ ගැනීමට බුලත් 108 වර මතුරා කනු.

6. ඕං මුඛ බන්ධ බන්ධ එස්වාහ:

බුලත් කොළයට 7 වරක් මතුරා කටේ තබාගෙන විවාදයට යන්න ජයවේ.

ඉහත සඳහන් කළේ සරලව කර ගත හැකි ගුරුකම් කිහිපයකි. සරස්වතී මෑණියෝ  සම්බන්ධව කටයුතු කිරීමේදී මස් මාළු භාවිතය කංකුන්, ගෝවා, මෝර මාළු, මුකුණුවැන්න ආදිය ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතුය.

මවුපියන් කරන වරදක් නම් තරග විභාග ආදිය ඉතාම ළඟට පැමිණි පසු බෝධි පූජා තැබීම, බාර හාර වීම, යන්ත්‍ර පැලඳීම ආදිය සිදු කිරීමයි. මේවා කිරීමේදී ප්‍රමාණවත් කාලයක් තබා සිදු කිරීම තුළ දරුවන්ගේ ධාරණ ශක්තිය වැඩිකර ගතහැකිය. තවත් සමහර මවුපියන් පවසන්නේ දරුවන්ට මස් මාංස නොදීම නිසා පෝෂණය අඩු වන බවය. එවැනි අය සරස්වතී යන්ත්‍රය, ගණපති යන්ත්‍රය වැනි වැරදි ක්‍රමයක් භාවිත කිරීම සුදුසුය. කැපකිරීම් තුළ ඉහළ ප්‍රතිඵල ලබාගත හැකිය. ඉහත සඳහන් කළේ පහසුවෙන් කරගත හැකි සරල ක්‍රම කිහිපයකි. ශාස්ත්‍රය තුළ මීට වඩා ප්‍රබල දේ පවතින බව කිවයුතුය. රටේ ජීවනාලිය අධ්‍යාපනය වෙනුවෙන් උපකාර කිරීම අපගේ වගකීමයි. ප්‍රයෝජන ගැනීම ඔබගේ කාර්යයයි.  සැමට සරස්වතී මෑණියන්ගේ පිහිටයි.

ජේ‍යා්තිෂවේදී

ඩී.එම්. නිලන්ත කුමාර ධනසේකර

වාද්දුව

0767827160